අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 290

වලාකුළ

නා. වැහිවලාව; මේඝකූටය

වලාගැබ

නා. වගා ගර්භය

වලාපටලය

නා. අහස වසා පැතිරුණු ලොකු වලාකුළ

වලාපෙළ

නා.ප්‍ර. වලා පන්තිය

වලාහක

නා.ප්‍ර. වලාකුළ (පා. සං. වලාහක)

වලිකනවා

ක්‍රි. දැඩි ලෙස උනන්දු වෙනවා

වලිකුකුළා

නා. ලංකාවට ආවේණික අලංකාර කැලෑ පක්ෂියෙක්; වනසැවුලා

වලිගය

නා. වල්ගය; වාලධිය (සං. වාලධි)

වලිප්පුව

නා. කුඩා දරුවන්ට සෑදෙන දරුණු රෝගයක් (දෙ. வலிப்பு)

වලිය

නා. සමෙහි ඇති වන රැල්ල/ වාරය; වතාව/ ආවලිය; පෙළ/ දිනය/ ආරවුල

වලු

නා.ප්‍ර. වල්ල; පොකුර

වවුලා

නා. ක්ෂීරපායී පක්ෂි වර්ගයක් (පා. වග්ගුලි)

වශයෙන්

ක්‍රි.වි. ලෙසින්; ආකාරයෙන් (සං. වශෙන පා. වසෙන)

වශවර්තියා

නා. වශවර්ති මාරයා/ දරුණු පුද්ගලයා; අකීකරු තැනැත්තා (පා. වසවත්ති සං. වශවර්තින්)

වශ්‍යවචෝභාවය

නා. වශී කළ හැකි වචන ඇති බව; වාග් ප්‍රවාහය

වශීකරණය

නා. අනුන් යටත් කිරීම; ගුප්ත බලයෙන් හිත් දිනාගැනීම

වශීකෘත

වි. අවනත කරන ලද; වසඟ කළ

වස

1. නා.ප්‍ර. ජීවිත හානියට ඉවහල් වන දෙය; විෂ (පා. විස සං. විෂ) 2. වැසි කාලය; වස් කාලය (පා. වස්ස) 3. අවුරුද්ද; වර්ෂය (පා. වස්ස සං. වර්ෂ) 4. වචනය (පා. වච සං. වචස්) 5. වාසය; ගෙය (සං. වාස)

වසඟය

නා. අවනතවීම; යටත්වීම

වසල

නා.ප්‍ර. චණ්ඩාලයා; කුලයෙන් පහත් යැයි සම්මත තැනැත්තා (පා. වසල)

වස් පවාරණය

නා. වස් වසා අවසන් කිරීම

වස්කුළල්

නා.ප්‍ර. බටනළාව

වස්ත්‍රධාරී

වි. වස්ත්‍ර දරන්නා වූ

වස්ත්‍රාභරණ

නා.ප්‍ර. රෙදිපිළි හා ආභරණ