අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 291
වස්ති කරනවා
ක්‍රි. මළ මූත්‍ර පහ කිරීම පහසු කරවීමට ඖෂධයක් හෝ ද්‍රවයක් හෝ ශරීරගත කරනවා
වස්තුබීජය
නා. යම්කිසි දෙයකට මූලික වූ හේතුව
වස්තුවිෂය
නා.ප්‍ර. බලාපොරොත්තු වන දෙය; ප්රස්තුතයේ අරමුණ
වස්දණ්ඩ
නා. බටනළාව
වස්සානය
නා. වැසි කාලය (පා. වස්සාන)
වහණ
නා.ප්‍ර. ගල; පාෂාණ (පා. පාසාණ සං. පාෂාණ)
වහනය
නා. පැතිරීම (සං. වහන)
වහරනවා
ක්‍රි. ව්‍යවහාර කරනවා; භාවිත කරනවා
වහල
නා. පියස්ස/ උපකාරය
වහල්ල
නා. කොස් ගෙඩි ආදියෙහි මැද ඇති නාරටිය බඳු කොටස
වහලා
නා. දාසයා; නිදහස් නැති පුද්ගලයා (පා. වසල සං. වෘෂල)
වහළ
වි. කෙට්ටු වූ/ වෙහෙසුණු
වළ
1. නා. පොළොව හෑරුණු තැන (පා. සං. ආවාට) 2. ව්‍යාඝ්‍රයා (සං. ව්යාඝ්ර) 3. වළල්ල; නූපුරය
වළ දමනවා
ක්‍රි. පොළොව යට තැන්පත් කරනවා
වළං
නා.ප්‍ර. වළඳ
වළකටුව
නා. ලෝහ කර්මාන්තයේ දී භාවිත උපකරණයක්; පුල්ලෝරම
වළකනවා
ක්‍රි. අවහිර කරනවා (සං. වාරෙති)
වළක්කම
නා. වළ
වළගම්බා
නා.ප්‍ර. සිංහල රජ කෙනකුගේ නාමය (පා. වට්ටගාමිණී අභය)
වළගොඩැලි
නා.ප්‍ර. පොළොවේ උස් තැන් හා පහත් තැන්
වළඳ
නා. කෑම පිසීම සඳහා මැටියෙන් කළ භාජනය
වළඳනවා
ක්‍රි. අනුභව කරනවා/ පරිහරණය කරනවා (පා. වලඤ්ජෙති)
වළපල්ල
නා. වළෙහි පතුල
වළබාගින්න
නා. මුහුදේ ඇතැයි කියැවෙන වෙළඹකගේ මුඛය වැනි ගිනිදැල්ල; වඩබාගින්න