අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 292

වළලනවා

ක්‍රි. මිහිදන් කරනවා/ යටපත් කරනවා

වළල්ල

නා. අතේ හෝ පයේ හෝ පලඳින කවාකාර ආභරණයක්/ වළයාකාර දෙය/ නාළය; දණ්ඩ/ දරණුව (පා. සං. වලය)

වළලුකර

නා.ප්‍ර. මැණික්කටුව

වළහනවා

ක්‍රි. අනුන්ට නොපෙනෙන හෝ නොහැඟෙන හෝ පරිදි යම්කිසිවක් සඟවනවා; රවටනවා; වසන් කරනවා

වළා

නා. බුද්ධ ධර්මය ඇතුළත් කොට තිබෙන පිටක (පා. පිටක)

වළාම

නා. අඳෝනා නඟමින් හැඬීම/ මරණය/ මිනී වැළලීම

ව්‍යංග්‍ය

වි. වචනාර්ථයෙන් නොහැඟවෙන (සං. ව්‍යඞ්ග්‍ය)

ව්‍යංග්‍යාර්ථය

නා. වචනාර්ථයෙන් නොව එහි අනුසාරයෙන් හැඟවෙන අර්ථය; ඉංගිතාර්ථය (සං. ව්‍යංග්‍යාර්ථ)

ව්‍යංජන

නා.ප්‍ර. ශබ්දය; අක්ෂරය; හල් අකුර/ නිමිත්ත; ලක්ෂණය/ ආහාර අනුභවයට ගන්නා අවුළුව වි. මැනවින් දක්වන; පැහැදිලි කරන (සං. ව්‍යඤ්ජන)

ව්‍යංජනා ශක්තිය

නා. වචනාර්ථයෙන් නොහැඟෙන අර්ථයක් ගෙන දීමේ හැකියාව

ව්‍යක්ත

වි. උගත්; වියත්; දක්ෂ වූ/ ප්‍රකට; පැහැදිලි ව පෙනෙන (සං. ව්‍යක්ත)

ව්‍යක්තිය

නා. පැහැදිලි වීම (සං. ව්‍යක්ති)

ව්‍යතික්‍රමණය

නා. ඉක්මවා යෑම; නොසලකා හැරීම (සං. ව්‍යතික්‍රම)

ව්‍යතිමිශ්‍ර

වි. මිශ්‍ර; කලවම් (සං. ව්‍යතිමිශ්‍ර)

ව්‍යතිරේක

වි. වෙනස්; විශේෂ (සං. ව්‍යතිරෙක)

ව්‍යපශමනය

නා. රෝගාදිය සන්සිඳීම (සං. ව්‍යපශම)

ව්‍යභිචාරය

නා. වැරදි හැසිරීම (සං. ව්‍යභිචාර)

ව්‍යර්ථ

වි. නිෂ්ප්‍රයෝජන; නිශ්ඵල (සං. ව්‍යර්ථ)

ව්‍යවච්ඡේදය

නා. කැපීම; වෙන් කිරීම (සං. ව්‍යවච්ඡෙද)

ව්‍යවස්ථාදායකය

නා. රාජ්‍යයේ නීති සම්පාදක ආයතනය; පාර්ලිමේන්තුව

ව්‍යවස්ථාපනය

නා. පිහිටුවීම (සං. ව්‍යවස්ථාපන)

ව්‍යවස්ථාපිත

වි. ව්‍යවස්ථාදායකය විසින් නියම කරන ලද/ පිහිටුවන ලද (සං. ව්‍යවස්ථාපිත)

ව්‍යවස්ථාමාලාව

නා. ලිඛිත නීති මාලාව

ව්‍යවස්ථාව

නා. නියමය; නීතිය (සං. ව්‍යවස්ථා)