අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 293
ව්‍යවසාය
නා.ප්‍ර. අධිෂ්ඨානය/ ආයෝජනය; ව්‍යාපාරය (සං. ව්‍යවසාය)
ව්‍යවහාර
වි. භාවිතයෙහි තිබෙන (සං. ව්‍යවහාර)
ව්‍යවහෘත
වි. ව්‍යවහාර කළ; භාවිත කළ (සං. ව්‍යවහෘත)
ව්‍යසනය
නා. විපත්තිය; පීඩාව (සං. ව්‍යසන)
ව්‍යාකරණඥයා
නා. ශබ්ද ශාස්ත්‍රඥයා (සං. ව්යාකරණඥ)
ව්‍යාකරණය
නා. භාෂා භාවිතය පිළිබඳ සම්මුතියෙන් ඇති කරගත් නීති රීති සමූහය (සං. ව්‍යාකරණ)
ව්‍යාකුල
වි. අවුල් සහගත (සං. ව්‍යාකුල)
ව්‍යාඛ්‍යානය
නා. අර්ථය පැහැදිලි කිරීම/ ග්‍රන්ථයක වචනාර්ථ පැහැදිලි කිරීම පිණිස ලියනු ලබන ග්‍රන්ථය (සං. ව්‍යාඛ්‍යාන)
ව්‍යාඝ්‍රයා
නා. රෞද්‍ර සිවුපාවෙක් (පා. ව්‍යග්ඝ සං. ව්යාඝ්ර)
ව්‍යාජ
වි. බොරු; කපටි (සං. ව්‍යාජ)
ව්‍යාධිය
නා. රෝගය (සං. ව්‍යාධි)
ව්‍යාප්තිය
නා. පැතිරීම (සං. ව්‍යාප්ති)
ව්‍යාපාදය
නා. නපුරු සිතිවිල්ල (පා. සං. ව්‍යාපාද)
ව්‍යාපාරය
නා. රැකියාව/ ලාභ ලැබීමේ අරමුණින් පවත්වන වාණිජ හෝ කාර්මික හෝ කටයුත්ත (සං. ව්‍යාපාර)
ව්‍යාපි
වි. පැතිරුණු; පොදු (සං. ව්‍යාපි)
ව්‍යාපෘත
වි. නියුක්ත වූ (සං. ව්‍යාපෘත)
ව්‍යාපෘතිය
නා. කිසියම් වැඩපිළිවෙලක් සැකසීම/ සැලසුම් කිරීම (සං. ව්‍යාපෘති)
ව්‍යාමප්‍රභාව
නා. බුද්ධ ශරීරයෙන් බඹයක් පමණ විහිදෙන රශ්මිය (සං. ව්‍යාමප්‍රභා පා. ව්යාමප්පභා)
ව්‍යාමය
නා. බඹය (පා. සං. ව්‍යාම)
ව්‍යායාමය
නා. උත්සාහය/ ශාරීරික අභ්‍යාසය (සං. ව්‍යායාම)
ව්‍යාල
වි. ඉතා දරුණු/ ක්‍රෑර (සං. ව්‍යාල)
ව්‍යාවෘත
වි. යෙදුණා වූ; මිඩංගු වූ (සං. ව්‍යාවෘත)
ව්‍යුත්පත්තිය
නා. ප්රභවය/ ජීවිතය පිළිබඳ අත්දැකීම (සං. ව්‍යුත්පත්ති)
ව්‍යුත්පන්න
වි. තද්භව/ උගත්; සමර්ථ/ නිපදවාගත්; ඇතිකරගත් (සං. ව්‍යුත්පන්න)
ව්‍යුපශමනය
නා. කෙලෙස් දුරු කිරීමෙන්, චිත්ත වේදනා නැති කිරීමෙන් ලැබෙන සංසිඳීම (සං. ව්‍යුපශම)