අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 294

ව්‍යූහය

නා. ආකෘතිය; සැකිල්ල/ යුදසේනාව/ පද්ධතිය; පිළිවෙල; ක්‍රමය (සං. ව්‍යූහ)

ව්‍රණය

නා. වණය; තුවාලය (සං. ව්‍රණ)

ව්‍රත සමාදානය

නා. ඉන්ද්‍රිය සංවරාදිය සඳහා වූ පිළිවෙත් සමාදන් වීම; පිළිවෙත් පිරීම

ව්‍රතය

නා. ඉන්ද්‍රිය සංයමාදියට හේතු වන පැවැත්ම (සං. ව්‍රත)

ව්‍රීඩා

නා. ලජ්ජාව; එළිය (සං. ව්‍රීඩා)

වාංමාලාව

නා. වචන සමූහය; වදන් පෙළ (සං. වාග්මාලා)

වාක්

නා.ප්‍ර. වචනය; වදන (සං. වාක්, වාග්)

වාක් කෞශල්‍යය

නා. කථිකත්වය; වචන භාවිතයේ සමර්ථතාව

වාක් ප්‍රයෝගය

නා. දක්ෂ ලෙස වචන යෙදීමේ රටාව/ වාක්‍ය සම්බන්ධය

වාක්කෝෂය

නා. වචන සංග්‍රහය (සං. වාක්කොෂ)

වාක්‍යය

නා. එක අවසාන ක්‍රියාවක් යටතේ ඇති පද සමූහය (පා. සං. වාක්‍ය)

වාක්‍යාංශය

නා. ප්‍රධාන වාක්‍යයක ගැබ් වන අන්තර් වාක්‍යය

වාග්චාතුර්යය

නා. කථාවේ දක්ෂකම

වාග්දණ්ඩ

නා.ප්‍ර. වචනයෙන් කරන දඬුවම; තරවටුව (සං. වාග්දණ්ඩ)

වාග්විද්‍යාඥයා

නා. වාග්විද්‍යාව පිළිබඳ හසල දැනුමක් ඇති තැනැත්තා

වාග්විද්‍යාව

නා. වචන සම්බන්ධ ශාස්ත්‍රය

වාග්වින්‍යාසය

නා. වාක්‍ය රචනය; වාක්‍ය වින්‍යාසය

වාගාලාපය

නා. වචනයන්ගේ සංයෝගයෙන් බිහි වන වාක්‍යය

වාගීශ

වි. කථාවේ දක්ෂ (සං. වාගීශ)

වාගීශ්වර

වි. කථාවේ අතිශයින් දක්ෂ (සං. වාගීශ්වර)

වාචස්පති

නා.ප්‍ර. වචනයෙහි අධිපති දෙවි; බ්‍රහස්පති (සං. වාචස්පති)

වාච්‍යාර්ථය

නා. වචනයෙන් කියැවෙන අර්ථය; වචනයකට ස්වභාවයෙන් ම හිමි වී ඇති අර්ථය

වාචාල

වි. දොඩමලු; මුඛරි (සං. වාචාල)