අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 295
වාජීකරණය
නා. පුරුෂ ශක්තිය වර්ධනය කිරීම (සං. වාජීකරණ)
වාණ
නා.ප්‍ර. අමුණ; ද්‍රෝණිය/ තෘෂ්ණාව; තණ්හාව
වාණි
නා.ප්‍ර. වචන; බස (සං. වාණි)
වාණිජ
වි. වෙළඳාම පිළිබඳ වූ; ව්‍යාපාරික (සං. වාණිජ)
වාත්සල්‍යය
නා. ආදරය; ස්නේහය (සං. වාත්සල්‍ය)
වාත්ස්‍යායන
නා.ප්‍ර. සංස්කෘත පඬිවරයකුගේ නාමය (සං. වාත්ස්‍යායන)
වාතාවරණය
නා. පසුබිම; තත්ත්වය/ මෝටර් වාහනයක හුළං වැදීම වළක්වන ඇවුරුම; වාත ආවරණය
වාතාශ්‍රය
නා. මනා කොට වාතය ලැබීම
වාදනය
නා. සංගීත භාණ්ඩයන්ගෙන් නාදය ඉපදවීම (පා. වාදන)
වාදය
නා. විරුද්ධ ව කරන කථාව; විවාදය (පා. සං. වාද)
වාද්‍ය භාණ්ඩ
නා.බහු. සංගීත නාද නිකුත් කරන උපකරණ
වාදාරෝපණය
නා. වාදයක් ඇති කිරීමට මතයක් ඉදිරිපත් කිරීම
වාදීභසිංහ
නා.ප්‍ර. වාද කරන්නන් නමැති ඇතුන්හට සිංහයකු වැනි තැනැත්තා
වානප්‍රස්ථ
වි. වනයෙහි තවුස්දම් රකින (සං. වානප්‍රස්ථ)
වානර
වි. වඳුරු වර්ගයට අයත් (පා. සං. වානර)
වානේ
නා.ප්‍ර. තද යකඩ
වාප්පු
නා.ප්‍ර. වරායක බඩු පැටවීමට හා ගොඩබෑමට ඇති වේදිකාව/ රේගුව
වාපි
නා.ප්‍ර. වැව (පා. සං. වාපී)
වාමන
නා.ප්‍ර. ශරීරයෙන් මිටි තැනැත්තා (සං. වාමන)
වාමාංශික
වි. සමසමාජ, කොමියුනිස්ට් ආදි විරුද්ධ දේශපාලන අදහස් දරන; වම් පසට අයත් වූ
වාමාවර්ත
වි. වමට හැරුණු
වායුගෝලය
නා. පෘථිවිය හෝ වෙනත් ආකාශ වස්තුවක් හෝ වටා ඇති වායු ස්තරය
වායුපීඩනමානය
නා. වායු පීඩනය මනින උපකරණය; බැරෝමීටරය
වායුරෝධක
වි. වාතය කාන්දු නොවන