අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 296
වාරණ
නා.ප්‍ර. ඇතා/ මුවාව; බාධාව වි. වළක්වන; අත් හරින (පා. සං. වාරණ)
වාර්තමානික
වි. වර්තමානයට අයත්; නූතන
වාර්තාකථනය
නා. යම් විස්තරයක් වාර්තා වශයෙන් කීම (සං. වාර්තා + කථන)
වාර්තාකරණය
නා. වාර්තා කිරීම (සං. වාර්තා+කරණ)
වාර්තාව
නා. කිසියම් කාර්යයක දී වැදගත් තොරතුරු සම්බන්ධ ලිඛිත සටහන (සං. වාර්තා)
වාර්ෂික
වි. අවුරුද්දකට වරක්; අවුරුදු පතා (සං. වාර්ෂික)
වාරාන්ත
වි. වාරයේ අවසානය හා සම්බන්ධ
වාරිත්‍රය
නා. නොකළ යුතු දෙය; විරිත (පා. වාරිත්ත)
වාලධිය
නා. වලිගය; නඟුට (පා. වාලධි)
වාලා
නා.ප්‍ර. අනුන් යටතේ මෙහෙ කරන්නා; වහලා
වාලුකා
නා. වැලි (පා. සං. වාලුකා)
වාෂ්ප
නා. වාතයේ අඩංගු ද්‍රව විශේෂයක්/ කඳුළැලි (සං. වාෂ්ප)
වාෂ්පී භවනය
නා. ද්‍රවයක් හෝ ඝන ද්‍රව්‍යයක් හෝ වාෂ්පයක් බවට පත් වීම
වාෂ්පීකරණය
නා. වාෂ්ප බවට පත් වීම
වාසනාවන්ත
වි. වාසනාව ඇති
වාසභවනය
නා. වාසය කරන මන්දිරය
වාසල
නා. රජමැදුර (දෙ. வாசல்)
වාසස්ථාන
නා.ප්‍ර. වාසය කරන ස්ථානය
වාස්තවික
වි. නියම වූ; සැබෑ වූ; විෂයය පිළිබඳව වූ
වාස්තු
නා.ප්‍ර. වාසය කරන ස්ථානය/ ගෙවල් සාදන ඉඩම (සං. වාස්තු)
වාසුළිය
නා. තද වර්ෂාව සහිත කුණාටුව
වාහන
නා. රථය/ ඉසිලීම; ගෙනයෑම (පා. සං. වාහන)
වාහල්කඩ
නා.ප්‍ර. චෛත්‍යයක සතර දිශාවෙහි ඇති පූජාසන විශේෂය/ දොරටුව; ද්වාරය
වාහිනී
නා.ප්‍ර. ගෙන යන; උසුලන/ යුද්ධ සේනාව (පා. සං. වාහිනී)