වාහිනී

vāhinī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යුද්ධ සේනාව ; හමුදාව.
2. ඇත්, අස්, රිය, පාබල අංගවලින සමන්විත බල ඇණිය.
3. රුධිර නාලය ; ධමනිය.
4. ගංගාව ; නදිය ; විශාල ජල ප්‍රවාහය.
5. උණු වාතය දුම් ආදිය එළියටගෙන යන පයිප්පය ; චිමිනිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගෙන යන; උසුලන/ යුද්ධ සේනාව (පා. සං. වාහිනී)

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. උසුළන්නී; ගඞ්ගාව; ගෙන යන්නී; භට සෙනඟ; සේනාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. නදීය, සෙනාව. (පි. 465)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. army
2. st. river
3. Bot. tracheal
4. vascular

Digital Pāḷi Dictionary