සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1499
වාහක
1. වි. ගෙන යන ; උසුලන ; දරන.
2. මඟ පෙන්වා යන.
වාහකයා
1. නා. ගෙනයන්නා ; රැගෙනයන්නා.
2. උසුලත්තා ; දරන්නා.
3. කරත්තයක් හෝ වාහනයක් මෙහෙයවන්නා ; අස්ගොවුවා.
4. එක ධාරකයකු වෙතින් තවත් ධාරකයකු වෙතට රෝගයක් ගෙනයන්නා.
වාහකුලය
නා. වචන නමැති අකුල ; සම්බාධ වචනය ; බාධක වචනය.
වාහන වෙනවා
ක්‍රි. උදවු වෙනවා ; උපකාර වෙනවා.
වාහනය
1. නා. පුද්ගලයන්, සතුන් හෝ භාණ්ඩ ප්‍රවාහනයට යොදා ගැනෙන රථය.
2. වාහනයක් වශයෙන් යොදාගන්නා සතා ; බර උසුලන සතා.
වාහනාරූඪ වෙනවා
ක්‍රි. වාහනයට නැග අසුන් ගන්නවා.
වාහය
1. නා. ගැල ; ගැල් සාත්තුව.
2. කරත්තයක ගෙන යා හැකි ධාරිතාව පිළිබඳ මිනුමක් ; බාරි හෙවත් අමුණු විස්සක ප්‍රමාණය.
3. සොළොස් භාරයක ප්‍රමාණය.
වාහර
වි. වාතය නසන්නා වූ ; වාතය නැති කරන්නා වූ.
වාහල
නා. වාසල බ.
වාහල ඉලංගම
1. නා. කෝට්ටේ හා මහනුවර රාජ්‍ය සමයේ දී නැටුම්, ගැයුම්, වැයුම් පුහුණු කළ හා රඟ දැක්වූ රජවාසල් රැඟුම්හල ; රජවාසල් කවිකාර මඩුව.
2. රජ කුමරුවනට හස්ති, අශ්ව, ධනු, ශිල්ප හා අවි සරඹ ආදිය ඉගැන්වූ ස්ථානය.
වාහල කද
නා. මහනුවර රාජ්‍ය සමයෙහි රජ මාළිගාවට වාර්ෂිකව ගෙන යනු ලැබූ කැවිලි-පෙවිලි ආදියෙන් යුක්ත දැකුම් කද.
වාහල නාගයා
නා. උපසම්පදාව අපේක්ෂාවෙන් සුළු වේලාවකට විසිතුරු ඇඳුම්-පැළඳුමින් සැරසී සිටින සාමණේර නම.
වාහල නැටුම
(කථා.) නා. පහතරට දෙවොල් නැටීමේ විශේෂ අංගයක් ; දෙවොල් මඩුව තුළදී වාහල තොප්පිය පැළඳ කරන නැටුම.
වාහල පොරොත්තු වෙනවා
ක්‍රි. රජතුමා මාළිගාවේ රැඳී සිටිනවා.
වාහල්කඩ
1. නා.ප්‍ර. විහාරයට හෝ මාළිගාවට පිවිසෙන දොරටුව.
2. ඇතැම් විශාල දාගැබ්වල සිවු දිශාවෙහි ඉදිකොට පවතින විචිත්‍ර පූජාසන.
වාහස
නා.ප්‍ර. පිඹුරා.
වාහ්‍ය
1. වි. වාහනය කටයුතු ; ගෙන යා යුතු.
2. පිටත බාහිර ; බාහ්‍ය.
වාහාන්
නා.ප්‍ර. අශ්වයා ; අසු.
වාහිනවා
ක්‍රි. බින්දුවෙන් බින්දුව වැටෙනවා ; වෑස්සෙනවා ; වැගිරෙනවා ; කාන්දු වෙනවා ; උනනවා ; වෑහෙනවා.
වාහිනි
1. නා.ප්‍ර. යුද්ධ සේනාව ; හමුදාව.
2. ඇත්, අස්, රිය, පාබල අංගවලින සමන්විත බල ඇණිය.
3. රුධිර නාලය ; ධමනිය.
4. ගංගාව ; නදිය ; විශාල ජල ප්‍රවාහය.
5. උණු වාතය දුම් ආදිය එළියටගෙන යන පයිප්පය ; චිමිනිය.
වාහිනීචාලක
වි. ධමනිවල හෝ ශිරාවල ප්රසාරණයක් හෝ සංකෝචනයක් ඇති කරන.
වැ
1. නා.ප්‍ර. ජලය රඳවා කල්තබා ගැන්මට සාදා ගැනුණ විශාල ජලාශය ; කෘත්‍රිම ජලාශය ; වාපිය.
2. රූපයන්ගේ අනිත්‍යතාව.
වැකරැලි
(පාරිභා.) නා.ප්‍ර. 1. (උද්භි.) අපිචර්මයේ ප්‍රතිතල භිත්තිවල ඇති වන රැලි.
2. මහලු වන විට සමේ වැටෙන රැලි.
වැක්කෙරෙනවා
ක්‍රි. (ද්‍රවයක්) පහතට වෑස්සෙනවා ; ගලා හැලෙනවා ; වැගිරෙනවා.