වාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විවාදය ; විරුද්ධව කරන කථාව ; තර්කය.
2. න්යාය ; සිද්ධාන්තය ; ධර්මතාව.
3. ධර්මය ; දෘෂ්ටිය ; ආගම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විරුද්ධ ව කරන කථාව; විවාදය (පා. සං. වාද)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. argument
2. n. argumentation
3. n. contest
4. n. controversy
5. n. debate
6. n. dispute
7. n. doctrine
8. n. ideology
9. Psy. nativism
10. n. polemic
11. n. ruction
12. n. theory