අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 285

වටපිළ

නා. ගෙයක් වටේට සාදන වේදිකාව/ බිත්ති සවිමත් කිරීම සඳහා වටා තනන බැම්ම; කයියෝරුව

වටමඬල

නා. වෘත්තාකාර මණ්ඩලය

වටමළුව

නා. ශාලාවක වට කොට පනවන ලද මණ්ඩපය/ ගොයම් කොළය; ගොයම් ගොඩ

වටලනවා

ක්‍රි. යම් ස්ථානයක් වට කොට රැක පිටවීම අහුරනවා; වටකරනවා

වටිනාකම

නා. අගය

වණ

1. නා.ප්‍ර. වර්ණය/ ජාතිය/ ආකාරය අක්ෂරය/ ශබ්දය (පා. වණ්ණ, සං. වර්ණ) 2. තුවාලය (සං. ව්‍රණ)

වණ පෙරළිය

නා. වචනයක අකුරු මාරු වීම; වර්ණ විපර්යාසය

වණ්ඩුව

නා. වාෂ්ප සඳහා දිය උතුරවන හැළියේ කට බැඳි රෙදිකඩ; කඩ වැස්ම (දෙ. வண்டு)

වණ්ණම

නා. වෘත්තයකට අනුව පද්‍ය ගායනය කරමින් කරන නැටුම් විශේෂයක් (දෙ. வண்ணம்)

වණ්ණුපථ

නා.ප්‍ර. වැලි බහුල මාර්ගය; වාලුකා ප්‍රදේශය (පා. වණ්ණුපථ)

වණික්

වි. වෙළෙඳාම හා සම්බන්ධ (සං. වණික්, වණිග්)

වතළ

වි. පැතිර ගිය; පතළ

වත්තම් කරනවා

ක්‍රි. අත පය වාරු නැති අයකුට ඇවිදීමට උපකාර කරනවා

වත්පිළිවෙත්

නා.ප්‍ර. මළුපෙත් හැමදීමාදි කළ යුතු කුදු මහත් කටයුතු කිරීම/ ගුරුවර වැඩිහිටි ආදීන්ට කළ යුතු උපස්ථාන (පා. වත්තපටිවත්ත)

වත්සල

නා. වාත්සල්‍යය

වත්සුනු

නා.ප්‍ර. මුහුණේ ආලේප කරන සුවඳැති කුඩු

වතිකානු

නා.ප්‍ර. රෝමයේ පිහිටි පාප් වහන්සේගේ රාජ්‍යය (ඉං. Vatican)

වතුරනවා

ක්‍රි. බිම දමනවා/ පතුරනවා (පා. අවත්‍ථරති)

වදන

1. නා. වචනය (පා. සං. වචන) 2. මුහුණ; මුඛය (පා. සං. වදන) 3. ‘වදනවා’ යන්නෙහි වර්තමාන කෘදන්තය

වදනවා

ක්‍රි. දරුවන් ප්‍රසූත කරනවා/ පිවිසෙනවා

වදනිසරු

නා.ප්‍ර. සුරගුරු; බ්‍රහස්පති

වදය

නා. මීමැසි ආදීන්ගේ කෝෂය/ ගව ආදී සතුන්ගේ කර පටිය

වදාරනවා

ක්‍රි. දේශනා කරනවා; ප්‍රකාශ කරනවා

වදාළ

වි. ‘වදාරනවා’ යන්නෙහි අතීත කෘදන්තය