අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 284

වක්තෘ

නා.ප්‍ර. උගතා/ යමක් කියන්නා; ප්‍රකාශ කරන්නා (සං. වක්තෘ)

වක්ෂය

නා. පපුව; ළපැත්ත (සං. වක්‍ෂස්)

වක්ෂස්ථලය

නා. පපු පෙදෙස; උරමඬල (සං. වක්‍ෂස්ථල)

වක්ෂ්‍යමාන

නා. කියනු ලබන; මතු දක්වනු ලබන (සං. වක්‍ෂ්‍යමාන)

වක්‍රෝක්තිය

නා. කාව්‍යාලංකාර විශේෂයක් (සං. වක්‍රොක්ති)

වගුරනවා

ක්‍රි. ඉහිරෙනවා; වක්කරනවා (සං. විඝරති)

වගුරැළි

නා.ප්‍ර. කඩදාසිවලින් හෝ රෙදිවලින් හෝ කරන සැරසිල්ලක්

වගුළ

වි. ‘වගුරනවා’ යන්නෙහි අතීත කෘදන්තය

වචනාර්ථය

නා. වචනයෙහි තේරුම

වචනාරූඪ

නා.ප්‍ර. අදහස වචන බවට පත් කිරීම

වචීදණ්ඩ

නා.ප්‍ර. වචනයෙන් කරන දඬුවම (පා. වචීදණ්ඩ)

වචීදුශ්චරිත

නා.ප්‍ර. වචනයෙන් කරන බොරු කිරීම, කේලාම් කීම වැනි අකුසල් (පා. වචීදුච්චරිත)

වජ්‍ර

නා.ප්‍ර. හෙණ පහර/ ශක්‍රයාගේ ආයුධය/ දියමන්ති/ අටපට්ටම් කණුව/ කුසතණ වි. ඉතා තද; නොබිඳිය හැකි (සං. වජ්‍ර)

වජ්‍රකීලය

නා. හෙණ පහර; අසනිය (සං. වජ්‍රකීල)

වජ්‍රඥානය

නා. විනිවිද යන ඥානය; තීක්ෂ්ණ ඥානය

වජ්‍රපඤ්ජරය

නා. විදුරුයෙන් කළ කූඩුව; දියමන්තියෙන් සාදන ලද මැදිරිය (සං. වජ්‍රපඤ්ජර)

වජ්‍රපාණි

නා.ප්‍ර. වජිරපාණි

වජ්‍රාංකුශය

නා. වජ්‍රයක් අගට සවි කරන ලද හෙණ්ඩුව (සං. වජ්‍රාඞ්කුශ)

වජ්‍රායුධය

නා. ඉන්‍ද්‍ර දෙවියාගේ ආයුධය (සං. වජ්‍රායුධ)

වජ්‍රාසනය

නා. විදුරස්න (සං. වජ්‍රාසන)

වජිරඤාණ

නා.ප්‍ර. තීක්ෂ්ණ ඥානය (පා. වජිරඤාණ සං. වජ්‍රඥාන)

වජිරපාණි

නා.ප්‍ර. ශක්‍ර දෙවි (පා. වජිරපාණි සං. වජ්‍රපාණි)

වඤ්චනික

වි. වංචනික

වඤ්චාව

නා. වංචාව