අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 283
ලෝකනාථ
වි. ලෝකයාට පිහිට වූ (පා. ලොකනාථ)
ලෝකප්රවෘත්ති
නා.ප්‍ර. ලෝක පැවැත්ම/ ලෝකය පිළිබඳ ආරංචි (පා. ලොකපවත්ති)
ලෝකවිශ්රැත
වි. ලෝක ප්‍රකට; ලොවෙහි පතළ
ලෝකවිෂය
නා.ප්‍ර. ලෝකය පිළිබඳ දැනුම
ලෝකාන්වේෂණය
නා. ලොව පිළිබඳ සෙවීම
ලෝකාභිවෘද්ධිය
නා. ලෝ වැස්සාට සලස්වා දෙන දියුණුව
ලෝකාර්ථ
නා.ප්‍ර. ලෝකවාසීන්ගේ අභිවෘද්ධිය
ලෝකාස්වාද රතිය
නා. කාම ආස්වාදය
ලෝකේශ්වර
වි. ලොවට නායක වූ (සං. ලොකෙශ්වර)
ලෝකෝත්තර
වි. ලෞකික නොවූ (පා. ලොකොත්තර)
ලෝචන
නා.ප්‍ර. ඇස/ දර්ශනය (සං. ලොචන)
ලෝභ
වි. අධික ආශා ඇති; ලොල් (පා. සං. ලොභ)
ලෝල
වි. ආශා වූ; ලෝභී (පා. සං. ලොල)
ලෝහිත
නා.ප්‍ර. රුධිරය/ ලේ පැහැය (පා. සං. ලොහිත)
ලෞකික
වි. ලෝකයට අයත් (සං. ලෞකික)
වංචනික
වි. කපටි; කපටි ගති ඇති (පා. සං. වඤ්චනික)
වංචාව
නා. රැවටීම; මුළා කිරීම (පා. සං. වඤ්චා)
වංශකථාව
නා. ඓතිහාසික වශයෙන් වැදග්ත පුද්ගලයන් හෝ වැදගත් සිදුවීම් හෝ පිළිබඳ පරම්පරා කථාව; ඉතිහාස කථාව (පා. වංස+කථා සං. වංශ+කථා)
වංශප්රවේණිය
නා. ජාතියක හෝ පෙළපතක හෝ වර්ධනයේ ඉතිහාසය
වංශය
නා. ඉතිහාසය/ පෙළපත (සං. වංශ පා. වංස)
වංශස්ථ
වි. කුලයට අයත් වූ; වංශයෙහි සිටි (සං. වංශස්ථ)
වංශාධිපතියා
නා. උසස් යැයි සම්මත කුලයේ ප්‍රධානයා
වකවානුව
නා. කාල පරිච්ඡේදය
වක්කලම
නා. ගංගා මාර්ගයක ඇතිවන නැම්ම; දඟරය/ ගං නැම්මක සෑදෙන ගැඹුරු වළ (දෙ. வக்கிரம்)