අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 282

ලේඛන

නා.ප්‍ර. ලියවිල්ල; ලැයිස්තුව (සං. ලෙඛන)

ලේඛනාගාරය

නා. වටිනා ලිපිලේඛන තැන්පත් කර ඇති ස්ථානය

ලේඛනාරක්ෂක

වි. ලියකියවිලි ආරක්ෂා කරන

ලේඛනාරූඪ

වි. ලියා තබන ලද

ලේඛනීය

නා. පෑන; පන්හිඳ (පා. සං. ලෙඛනී)

ලේඛ්‍ය

වි. ලිවිය යුතු/ ඇඳිය යුතු (සං. ලෙඛ්‍ය)

ලේඛ්‍යාරූඪ

නා.ප්‍ර. නීත්‍යනුකූල ව ලේඛනගත කිරීම; ලියාපදිංචි කිරීම

ලේඛාව

නා. රේඛාව; ඉර (පා. සං. ලෙඛා)

ලේඬි

නා.ප්‍ර. ලෙහෙඬි

ලේනා

නා. කුඩා සතකුගේ නාමය/ සිංහල රජ සමයේ ලේඛන භාර ව සිටි නිලධාරියා

ලේපන

නා.ප්‍ර. ආලේප කිරීම (පා. සං. ලෙපන)

ලේශමාත්‍රය

නා. ඉතා ස්වල්පය

ලේශය

නා. ඉතා ස්වල්පය/ ආකාරය (සං. ලෙශ)

ලේසි

වි. පහසු (දෙ. இலேக)

ලේහය

නා. ලෙවකෑම/ දිවෙන් ලෙවකා අනුභව කරන ඖෂධය (සං. ලෙහ)

ලේළි

නා.ප්‍ර. පුතාගේ බිරිඳ/ බිරිඳගේ සහෝදරයාගේ හෝ සැමියාගේ සහෝදරියගේ හෝ දුව

ලොඳ

නා.ප්‍ර. කුරුම්බා, තල්, පලතුරු ආදියෙහි නොමේරූ මදය

ලොබ

නා.ප්‍ර. ලෝභය (පා. සං. ලොභ)

ලොමු දැහැ ගැන්වෙනවා

ක්‍රි. භය වීම, වික්ෂිප්ත වීම ආදි හේතු නිසා ලෝම කෙළින් වෙනවා; රෝමෝද්ගමනය වෙනවා

ලොඹු

වි. දත් නැති

ලොල්

වි. ආශා සහිත; ගිජු (පා. සං. ලොල)

ලෝක වෙළඳපොළ

නා. ඉල්ලුම්, සැපයුම් මත භාණ්ඩවල ඒ ඒ රටවල මිල තත්ත්වය

ලෝක ශිවංකර

වි. ලෝකයට සෙත කරන නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ

ලෝකඩ

නා.ප්‍ර. තඹ හා ටින් මිශ්‍ර ලෝහය