අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 281

ලීන

වි. සැඟවුණ/ හැකුළුණු (පා. සං. ලීන)

ලීලය

නා. මෘදු ගතිය

ලීලාව

නා.ප්‍ර. ස්වභාවය; ලාලිත්‍යය (පා. සං. ලීලා)

ලීලෝපේත

වි. ලීලාවෙන් යුත්; ශෝභාවත්

ලීස්තරය

නා. බොරදම් ගාන ලද ලී පටිය (පුර්. lista)

ලුණු

නා.ප්‍ර. ලවණ (පා. ලොණ සං. ලවණ)

ලුණුවිල

නා.ප්‍ර. ඖෂධීය පැළෑටි විශේෂයක්

ලුප්ත

වි. නැති කළ; නැසූ/ හදිසියේ නැවතුණු/ සොරකම් කළ (පා. ලුත්ත සං. ලුප්ත)

ලුබ්ධ

වි. ගිජු; කෑදර (සං. ලුබ්ධ)

ලුහු

වි. සැහැල්ලු/ වඩා වැදගත් නොවූ/ කෙටි (සං. ලඝු)

ලුහුඬු

වි. සංක්ෂිප්ත

ලූනු

නා.ප්‍ර. කෑමට, ඔසුවට ගන්නා පඳුරු වශයෙන් වැවෙන බික් සහිත අල ඇති කුඩා පැළෑටියක්; ලුහුනු (පා. ලසුන සං. ලශුන)

ලූලා

නා. මිරිදිය මත්ස්‍යයකුගේ නාමය

ලෙණ

නා. පර්වත ගුහාව; ගුහාව (පා. ලෙණ)

ලෙය්‍ය

නා.ප්‍ර. ලෙව කා අනුභව කළ හැකි දෙය (පා. ලෙය්‍ය)

ලෙල්ලම

1. නා. කරදරය 2. මාලු වෙන්දේසි කරන තැන (පුර්. leilao)

ලෙලි

නා.ප්‍ර. ගෙඩියක පිට පොත්ත/ පිට කටුව

ලෙව්ලැකිය

නා. ලෝක ව්‍යවහාරය

ලෙස

නා. ආකාරය; විලාසය

ලෙහෙඬි

නා.ප්‍ර. උකුණාගේ බිත්තරය

ලෙළ

1. වි. සෙලවෙන (පා. සං. ලොල) 2. බැබළෙන (පා. සං. ලීලා)

ලේකම්

නා.ප්‍ර. සමිතියක වාර්තා තබාගන්නා/ අමාත්‍යාංශයක ප්‍රධාන පරිපාලන නිලධාරියා/ ලියන්නා

ලේඛක

නා.ප්‍ර. පතපොත ලියන්නා (පා. සං. ලේඛක)

ලේඛකාධිකාරී

නා.ප්‍ර. උසස් අධ්‍යාපන ආයතනවල පරිපාලන කටයුතු සම්බන්ධයෙන් නීත්‍යනුකූල වගකීමක් දරන නිලධාරියා