ලේකම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සමිතියක හෝ ආයතනයක වාර්තා තැබීමේ කාර්යය භාරව සිටින්නා ; ලේඛකාධිකාරය දරන්නා.
2. ආයතනයක උසස් නිලධාරියකුගේ ලිපි ලේඛන කටයුතු භාරව සිටින්නා.
3. මැති ඇමති ආදී රාජ්‍ය පාලකයින්ගේ කටයුතුවලට සහායවීමට රජයෙන් පත්කරන උසස් නිලධාරියා.
4. විවාහ, උප්පැන්න, මරණ, ලියාපදිංචි කරන නිලධාරියා.
5. ලේඛනය ; ලියවිල්ල.
6. අකුරු ; අක්ෂර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සමිතියක වාර්තා තබාගන්නා/ අමාත්‍යාංශයක ප්‍රධාන පරිපාලන නිලධාරියා/ ලියන්නා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. amanuenses
2. n. amanuensis
3. Law. registrar
4. n. scribe
5. n. secretary