වේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. වීථිය ; වීදිය.
2. වේගය ; ශීඝ්‍රතාව.
3. වෛදික ග්‍රන්ථය ; වේදය.
4. වේවැල් ; වේත්‍රලතා.
5. ලී කා දමන කෘමියා ; වේයා.
6. වේදනාව.
7. අලුයම ; ප්‍රභාතය.
8. ලිහිණි ගමන.
9. ඇඹුල් ද්‍රව්‍යයක්.
10. සමූහය ; රැස ; රාශිය.
වි. වියළි ; වියැළුණු.
ක්‍රි.වි. ඒකාන්තයෙන් ; නිත්‍ය වශයෙන්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. rattan
2. st. street
3. st. termite