සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1590
වෙළුං කෝටු
(කථා.) නා.ප්‍ර. වහලට ගන්නා ස්වාභාවික වට පරාල.
වෙළුම
1. නා. වෙළීම ; වෙළන ලද දෙය ; වෙළුම් පටිය ; නූල් කැටිය.
2. පොත්පත් ආදියේ කාණ්ඩ හෝ කොටස් කීපයක් එකට බැඳ ගත් පොත.
3. දුක ; ශෝකය.
වෙළුම් පටිය
නා. යමක් සවිමත් වීම සඳහා වෙළීමට ගන්නා පටිය.
වෙළුරුමිණි
නා.ප්‍ර. වෛරෝඩි මාණික්‍යය ; වෙරළු මිණි.
වෙළුව
නා. වෙළන පටිය ; නූල් කැටිය.
වෙළෙ
(පැරණි) නා.ප්‍ර. ආවාටය ; වළ.
වෙළෙනවා
ක්‍රි. දැවටෙනවා ; පටලවාගන්නවා.
වෙළෙන්දා
නා. රැකියාවක් ලෙස වෙළඳාම් කරන්නා.
වෙළෙවි
වි. ඉක්මන් ; වේගවත් ; ශීඝ්‍ර.
වෙළෙහි
ක්‍රි.වි. සිතේ ආවේගයෙන් ; සිත් කැළඹීමෙන්.
වෙෙභජ්යවාදය
නා. ථේරවාද බෞද්ධ නිකායෙහි ප්‍රභේදයක්.
වේ
1. නා.ප්‍ර. වීථිය ; වීදිය.
2. වේගය ; ශීඝ්‍රතාව.
3. වෛදික ග්‍රන්ථය ; වේදය.
4. වේවැල් ; වේත්රලතා.
5. ලී කා දමන කෘමියා ; වේයා.
6. වේදනාව.
7. අලුයම ; ප්‍රභාතය.
8. ලිහිණි ගමන.
9. ඇඹුල් ද්‍රව්‍යයක්.
10. සමූහය ; රැස ; රාශිය.
වි. වියළි ; වියැළුණු.
ක්‍රි.වි. ඒකාන්තයෙන් ; නිත්‍ය වශයෙන්.
වේ කටුව
(කථා.) නා. හල්, කොට්ටපොල් ගා ගැනීමට භාවිත කරන උපකරණයක්.
වේ ගැටේ
(කථා.) නා. වේවැල් එකිනෙකට සම්බන්ධ කිරීමේ දී ගසන ගැටය ; වේවැල් ගැටය.
වේ ගෙඩි බෝලය
(කථා.) නා. පුස්කොළ පොත්වල කොළ හැලීම වළක්වන ගැටය.
වේ තුඹස
නා. වේයන් සියුම් පස්වලින් සාදන ගෙය.
වේ තොප්පිය
නා. ලෝහයෙන් සාදා ඇති හිස්වැස්ම ; ආරක්ෂක උපකරණයක්.
වේ බ්‍රිජ්
නා.ප්‍ර. කිරුම් උපකරණයක් ; බඩු පැටවූ වාහන ආදියෙහි බර කිරීමට පොළොවේ සවි කොට ඇති තරාදිය ; පාලම් තරාදිය.
වේ මතුරු
නා.ප්‍ර. වේද මන්ත්‍ර ; වේද ගීතිකා.
වේග කාරකය
(පාරිභා.) නා. වේගය ඇති කරන කර්තෘකය ; වේග ජනක උපකරණය.
වේග ජානය
(පාරිභා.) නා. ජාන විශේෂයක් ; වේග ප්රවේණි අණුව.
වේග දනවනවා
ක්‍රි. ජවය හෙවත් ශීඝ්රත්වය හටගන්වනවා ; වේගය උපදවනවා.
වේග පරීක්ෂණය
නා. වැඩ කිරීමේ වේගය හෙවත් ඉක්මන විමසා බැලීම සඳහා පවත්නා පරීක්ෂණය.
වේග ප්රකර්ෂය
නා. ජවසම්පන්න බව ; වේගයේ ඉහළ නැඟීම.