සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1591
වේග බල
(පාරිභා.) වි. වේගයෙන් හෝ බලයෙන් හෝ ක්‍රියා කරන ; අධිවේගී.
වේග රෝධය
නා. (මල මූත්රාදි) වේග අවහිර කිරීම ; වේග වැළැක්වීම ; වේග සන්ධාරණය.
වේග වර්ධන
(පාරිභා.) වි. වේගය වැඩි කිරීමෙහි ලා උපයෝගී වන ; වේගය වැඩි කරන.
වේග වර්ධන චලනය
(පාරිභා.) නා. වේගය වැඩි වන සේ චලිත කිරීම.
වේග විධාරණය
නා. මලමුත්‍ර වාත ආදිය පිට වන්නට නො දී වුවමනාවෙන් අවහිර කිරීම.
වේග සංයෝජනය
(පාරිභා.) නා. වේගය සංයෝජනය වී ඇති ආකාරය ; වේගයේ සංයුතිය.
වේග සන්ධාරණය
නා. මල මුත්‍ර වාතාදි කායික වේග පිටවෙන්නට නොදී ආයාසයෙන් වැළැක්වීම ; වේග රෝධය.
වේග හානිය
(පාරිභා.) නා. වේගය අඩු වීම ; ජවය මඳ වීම.
වේගක්ෂය
(පාරිභා.) නා. වේගය අඩු කිරීම ; වේගය බාල කිරීම ; වේග ඌනතාව.
වේගක්ෂිප්ත
වි. දැඩි ශක්තිය යොදා විසි කරන ලද.
වේගජ ශක්තිය
නා. වේගය නිසා හටගන්නා ශක්තිය.
වේගබල යන්ත්‍රය
(පාරිභා.) නා. විදුලිය බලය හෝ එවැනි බලයක් යෙදීමෙන් ක්‍රියාකරන යන්ත්‍රය ; අධිවේගී යන්ත්‍රය.
වේගභාව
වි. වේගවත් වූ ; වේගී.
වේගමන්දි
වි. වේග මඳ වූ ; ජව ඌනතාවෙන් යුත්.
වේගමානය
(පාරිභා.) නා. ධාවනය වන රථවාහන ආදී යමක ගමන් වේගය මනින හෝ පෙන්නුම් කරන මානකය.
වේගය
1. නා. ගමනේ ඉක්මන්කම ; විහිදී යෑමේ හෝ යමක් ඉටු කිරීමේ ඉක්මන.
2. සැර ; බලය ; ශක්තිය.
3. මලමූත්‍ර ආදිය පහවීමේ අවශ්‍යතාව.
4. ජව බලය පිළිබඳ සංස්කාරය.
වේගවත්
1. වි. ඉක්මන් ගමන් ඇති ; ශීඝ්‍ර
2. උච්ච ස්වරයෙන් කරන.
වේගා
නා.ප්‍ර. ඉතා දීප්තිමත් තාරකාවක් ; අභිජිත් තරුව.
වේගාග්නිය
නා. සිතක පහළ වන වේගය නමැති ගින්න.
වේගාත්මක
වි. ක්‍රියාශීලී ; වේගයෙන් ක්‍රියාකරන.
වේඨනය
1. නා. රැහැන්, රෙදි පටි, දම්වැල් ආදියකින් වෙළා දැමීම.
2. වෙළීම සඳහා භාවිත කරනු ලබන වස්ත්‍රය.
වේණ
1. නා.ප්‍ර. වීණාව.
2. බටපොතු ආදියෙන් වට්ටි ආදි භාණ්ඩ වියන්නන්ගේ වංශය, කුලය.
වේණිය
නා. ලණුවක් මෙන් ගොතා ගත් කෙස් කලබ.
වේණු
1. නා.ප්‍ර. උණ හෝ බට ගහ.
2. උණ හෝ බට ලීයෙන් සාදන ලද නළාව.