සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1592
වේණු ගුම්බය
නා. උණ හෝ බට පඳුරුවලින් සෑදුනු ගොන්න ; උණ පඳුරු ගොන්න.
වේණු පර්වය
නා. උණ පුරුක.
වේණු පරාඝාත
නා.ප්‍ර. උණ ලීයෙන් පහර දීම.
වේණුවනාරාම
නා.ප්‍ර. උණ පඳුරින් ගැවසුණු භූමියක පිහිටි ආරාමය ; වේළුවනාරාමය.
වේතන බද්ද
නා. වැටුපෙන් අඩුකර ගන්නා බදු මුදල.
වේතනය
නා. යමකු ඉටු කරන සේවය සඳහා දෛනික ව මාසිකව මුදලින් කරන ගෙවීම ; ශ්‍රමය සඳහා ගෙවන කුලිය ; වැටුප ; පඩිය.
වේතනික ශිෂ්‍ය සේවකයා
(පාරිභා.) නා. වෘත්තියක පුහුණුව ලබන අතර, කරන වැඩ වෙනුවෙන් වැටුපක් ද ලබන ශිෂ්‍යයා ; සේවක ශිෂ්‍යයා.
වේතරණිය
1. නා. උස්සද නරකයක් ; තුනුරුවන් සන්තක දෑ වනසන අය උපදින නරකය.
2. ඒ නරකයේ ඇතැයි කියන ලෝදිය නදිය.
වේතස
නා.ප්‍ර. වේවැල් ; වේත්රලතාව.
වේත්තම්
(කථා, වන්නි.) නා.ප්‍ර. තරහ ; වෛරය ; ආරාවුල.
වේත්‍රධාරියා
නා. රාජ්‍ය පාලන සභාවෙහි (පාර්ලිමේන්තුවේ) විනය පිළිබඳව කථානායක දෙන නියෝග ක්‍රියාත්මක කරන නිලධාරියා ; සෙන්කෝලය දරා සිටින්නා.
වේත්‍රය
1. නා. වේවැල.
2. පාලන තන්ත්රයේ බලය සහ ආධිපත්‍යය දක්වන සංකේතය ; සෙන්කෝලය ; රාජ්‍ය යෂ්ටිය.
වේතාලය
නා. ශුභ හෙවත් මංගල අවස්ථාව ; නැකැත් මොහොත.
වේතාලික
නා.ප්‍ර. අෂ්ටක කියන්නා.
වේතාලිකා
නා.ප්‍ර. සටන්වල දී භාවිත කරන ආයුධ විශේෂයක්.
වේද ගර්භ
නා.ප්‍ර. (වේදයෙන් පිරි ඇති) මහා බ්‍රහ්මයා.
වේද පාඨ
නා.බහු. වේද වාක්‍ය; වේද මන්ත්‍ර.
වේද භාෂාව
නා. වේද ග්රන්ථ ලියැවී ඇති (පැරණි සංස්කෘත) භාෂාව.
වේද භේදය
නා. (ක්‍රිස්ති.) දුර්ලබ්ධිය ; අධර්මය.
වේද සතර
නා. සෘග්, යජූර්, සාම, අථර්වන් යන වේද සතර.
වේද සාක්ෂික
වි. ආගමික භක්තිය හෝ ප්‍රතිපත්ති හෝ නිසා දිවි පුදන.
නා.ප්‍ර. තමාගේ භක්තිය හෝ ප්‍රතිපත්ති නිසා දිවි පුදන්නා.
වේද සාහිත්‍යය
නා. මූලික වේද ග්රන්ථ සහ වේද ඇසුරෙන් ඇති වූ බ්‍රාහ්මණ, ආරණ්‍යක, උපනිෂද් යන ග්රන්ථ සමූහය.
වේදක
නා.ප්‍ර. දැනීම ලබාගන්නා තැනැත්තා ; නිරීක්ෂණයට භාජනය වන්නා.
වේදකාලීන
වි. ඉන්දියාවේ වේද ග්රන්ථ රචිත කාලයට අයත්.