සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1593
වේදඥ
නා.ප්‍ර. වේදය දන්නා තැනැත්තා.
වේදත්‍රය
නා.ප්‍ර. සෘග්, යජුර් සාම යන වේද තුන ; ත්රිවේදය. ළමු
වේදන්තගූ
නා.ප්‍ර. වේද සාහිත්‍යය කෙළවරට පැමිණි තැනැත්තා.
වේදනා නාශකය
නා. ශාරීරික වේදනා නැසීම (නොදැනීම) සඳහා සකස් කළ රසායනික සංයෝගය.
වේදනා මර්දනෞෂධය
නා. වේදනා නසන බෙහෙත.
වේදනා ස්කන්ධය
නා. පඤ්ච ස්කන්ධයන්ගෙන් එකක් වූ විඳීම් රාශිය ; සුඛ, දුක්ඛ, උපේක්ෂා වශයෙන් විඳිනු ලබන වේදනා සමූහය.
වේදනාත්‍රය
නා.ප්‍ර. සුඛ, දුක්ඛ, උපේක්ෂා යන වේදනා තුන.
වේදනානු පස්සනාව
නා. උපන් සුඛාදි වේදනාවන් අනිත්‍යාදි වශයෙන් නැවත නැවත මෙනෙහි කිරීම.
වේදනාව
1. නා. සිරුරේ හෝ මනසේ ඇතිවන විඩාව ; රුජාව ; අපහසුව.
2. විඳීම ; දැනීම ; වින්දනය.
3. ඇස් කන් ඉන්ද්‍රියවල හසුවන අත්දැකීම් ; අනුභූතිය.
වේදනීය
වි. දැනගත යුතු ; දැනෙන.
වේදය
1. නා. විඳීම ; අනුභවය.
2. දැනීම ; ප්‍රඥාව.
3. සෘග්, යජූර්, සාම, අථර්වන් යන සතර වේද.
වේදයිත
1. වි. විඳින ලද ; ඉන්ද්‍රියවලට හසු වූ.
2. විඳින ලද දෙය.
වේදයිත සුඛය
නා. ඉන්ද්රිය මඟින් ලබන සුවය ; සිතට හා කයට ඇති වන සියලු සුඛවේදනා.
වේදල්ල
1. නා.ප්‍ර. නවාංග ශාස්තෘ ශාසනය නම් වූ ත්‍රිපිටක ධර්මය බෙදී පවතින කොටස් නවයෙන් එකක්.
2. වේවැල් අළුව හෙවත් කරටිය.
3. (කථා.) වේයන් ක්‍රමයෙන් පස්වලින් සාදමින් ඉදිරියට ගෙන යන මාර්ගය හා ගෙය.
වේද්‍ය
1. වි.දැනගත යුතු ; දැන්විය යුතු.
2. ඉගැන්විය යුතු.
වේදාංග
නා.ප්‍ර. වේදයෙහි අංග ; උපනිෂද්හි සඳහන් ‘පරා’, ‘අපරා’ යන
‛විද්‍යා’ දෙකෙන් පරා විද්‍යාවට අයත් ශික්ෂා, කල්ප, ව්‍යාකරණ, නිරුක්ති, ඡන්දස්, ජ්‍යෝතිෂ යන වේද කොටස් හය.
වේදාන්ත
නා.ප්‍ර. වේද ග්රන්ථාවලියෙහි අන්තය වන ආරණ්‍යක හා උපනිෂද් ග්රන්ථ.
වේදිකා නාට්‍යය
නා. වේදිකාවක් මත රඟ දක්වන නාට්‍යය.
වේදිකා වලය
නා. වළල්ලක ආකාරයෙන් තැනූ වේදිකා වැට.
වේදිකාව
1. නා. පිළ ; ඉස්තෝප්පුව ; ආලින්දය.
2. උත්සව, නාට්‍ය රඟ දැක්වීම්, ක්‍රීඩා නැරඹීම ආදිය සඳහා උස් කොට සෑදූ භූමි භාගය.
3. බිත්ති අද්දර තිබෙන කයිරුව (කය්යෝරුව).
4. කණු අතර හරහට යෙදූ සූචිය.
5. ස්තූපයක් වටා ඇති වැට ; වේදිය.
6. මිදුලේ මඩුව.
7. පූජාසනය.
වේදිත
වි. දක්වන ලද ; දැනගෙන තිබෙන.
වේදිතව්‍ය
වි. දැනගත යුතු.
නා.ප්‍ර. දැනගත යුතු දේ.
වේදිය
1. නා.ප්‍ර. ස්තූපයක් වටා ඇති බැම්ම හෝ පවුර.
2. දඹදිව පිහිටි පර්වතයක නම.
වේදු අල්ලනවා
ක්‍රි. ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් දුම් අල්ලනවා ; වේදුපානවා.