සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1594
වේදු පානවා
ක්‍රි. ප්‍රතිකාර ක්‍රමයක් වශයෙන් ඖෂධ වර්ග තැම්බූ වාෂ්ප ඉරීමට හෝ ඇඟට වැදීමට සලස්වනවා ; ඖෂධ වර්ග පිළිස්සූ දුම් ඉරීමට හෝ ඇඟට වැදීමට සලස්වනවා.
වේදුවතුර
නා. සූතිකාවන්ගේ ඇඟ සේදීමට ගන්නා ඖෂධීය කොළ තැම්බූ වතුර.
වේදෝක්ති
නා.ප්‍ර. වේදයෙහි කියන ලද්ද.
වේධක
වි. බිඳින ; සිදුරු කරන.
1. නා.ප්‍ර. රසදිය.
2. ධාන්‍ය.
වේධකයා
නා. විදීම කරන්නා ; විදින්නා.
වේධනීය
1. නා.ප්‍ර. විදින කටුව ; අලිස් කටුව ; උල් කටුව.
2. බුරුමය.
වේධය
1. නා. විදීම ; විදුම.
2. ගැඹුර.
වේධස්
නා.ප්‍ර. මහා බ්‍රහ්මයා.
වේධි
1. වි. විදින ; සිදුරු කරන.
2. විදුම ; සිදුරු කිරීම.
3. විදින තැනැත්තා.
වේන
(කථා.) නා.ප්‍ර. නඟුලේ ඉහ සවි කරන සිදුර ; නගුලේ සිදුර.
වේනයික
වි. විනය පිටකය පිළිබඳ නිපුණත්වය ඇති.
වේනෙය්‍ය
වි. හික්මවිය හැකි ; හික්මවිය යුතු.
වේපත
1. නා. වේවැලේ සෑදෙන ගෙඩිය.
2. වේවැල් පතුර.
වේපත් කූඩය
1. නා. වේවැල් පතුරු යොදා සෑදූ කුඩය.
2. වේවැල් පතුරුවලින් වියූ පැදුර.
වේපථු
1. නා.ප්‍ර. සිරුර වෙවුලීම.
2. වාත විකාර රෝගයක්.
වේපන විභාන්තිය
(පාරිභා.) නා. අධික මත්පැන් පානයෙන් ඇති වන විකාල තත්ත්වය.
වේපනය
නා. ශරීරයේ පේශිවල බලවත් වෙවුලීම ; අනිච්ඡානුගත පේශී කම්පනය.
වේපාර
(පාරිභා.) නා.ප්‍ර. වේයන් මැටියෙන් තනන ගමන් මඟ.
වේබරය
(පාරිභා.) නා. චුම්බක ස්පන්දනයේ ප්‍රායෝගික ඒකකය.
වේබිම
නා. වීථි ප්‍රදේශය වීදියෙහි බිම.
වේමග
නා.ප්‍ර. වීදි මඟ.
වේමත්තතාව
නා. විමති සහිත බව ; සැක සහිත බව.
වේමතික
වි. විමති ඇති ; සැක සහිත.
වේමය
නා. රෙදිවියන යන්ත්‍රය ; අලුව.
වේමාතික
වි. එකම පියාට දාව වෙන මවකගෙන් උපන්.