සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1589
වෙළඳ නාමය
නා. වෙළඳ භාණ්ඩ වෙන් කර හැඳින්වීමට භාවිත කරන විශේෂ නාමය.
වෙළඳ නියෝජිතයා
නා. (නීති.) මිල දී ගෙන විකුණා කොමිස්ගන්නා ඒජන්ත.
වෙළඳ නීති
නා.බහු. වෙළඳාම් කටයුතු සම්බන්ධයෙන් පනවා ඇති විවිධ රෙගුලාසි.
වෙළඳ බද්ද
නා. ද්රව්ය වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් අය කරන ගාස්තුව.
වෙළඳ බැංකුව
නා. වාණිජ්ය කටයුතු ගැන විශේෂයෙන් ක්රියා කරන බැංකුව ; වාණිජ බැංකුව.
වෙළඳ මිල
නා. භාණ්ඩයක එදිනෙදා පවත්නා මිල.
වෙළඳ ලකුණ
නා. නිෂ්පාදකයකු හෝ වෙළෙන්දකු භාණ්ඩ අයිතිය හඳුනා ගැනීමට ලියාපදිංචි කළ ලකුණ.
වෙළඳ වට්ටම
නා. භාණ්ඩ වෙළෙඳාමේ දී නියමිත මිලෙන් අඩු කරන සියයට ගණන.
වෙළඳ ව්යාපාරය
නා. වාණිජ කටයුතු ; වණික් කර්මාන්තය.
වෙළඳ වාසිය
නා. ආනයනය කරන වෙළඳ ද්රව්යවල අගයට වඩා අපනයනය කරන ද්රව්ය ප්රමාණයේ අගයෙහි අධිකය.
වෙළඳාම් ප්රාග්ධනය
නා. වෙළඳාමෙහි මුළු වත්කම.
වෙළප
නා. ගසක අතු බෙදී ගිය තැන ; විටපය.
වෙළපනවා
1. ක්රි. නින්දා කරනවා ; අපහාස කරනවා ; අවමන් කරනවා ; අවඥා කරනවා.
2. අනුකරණය කරනවා ; අනුගමනය කරනවා.
වෙළඹ
නා.ප්ර. අශ්වයාගේ ගැහැනු සතා ; අශ්වධේනුව.
වෙළඹුරු
නා.ප්ර. ඇඹරූ ලණුවැටිය.
වෙළල
නා.ප්ර. ඉවුර ; තීරය.
වෙළහෙළඳාම
නා. භාණ්ඩ විකිණීම හා මිලදී ගැනීමේ කටයුතු ; වාණිජ කර්මය.
වෙළා ගන්නවා
ක්රි. දැවටෙනවා ; වැලඳ ගන්නවා ; පටලවා ගන්නවා.
වෙළු
1. නා.ප්ර. දික් කැටියක් ලෙසට අඹරන ලද කෙඳි පට්ටා ආදිය.
2. බැඳීම ; වෙලීම.
වෙළු කවනවා
(කථා.) ක්රි. ලණුවක් ඇඹරීමේ දී අඹරා තද කරනවා ; ලණු ඇඹරීමේ දී තදින් දඟදානවා.
වෙළු ගෙඩිය
(කථා.) නා. ලණු බෝලය.
වෙළු මුරකරනවා
(කථා. උඩ.) ක්රි. ලණුව වෙළු කවනවා.
වෙළු මුරය
(කථා. උමැද.) නා. වෙළු කැවූ ලණු ආදිය.