සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1588
වෙසෙසි
වි. විශිෂ්ට ; වෙනස්.
වෙසෙසුන්
නා.ප්‍ර. විශේෂණය.
වෙසෙසුන් සමස්
නා.ප්‍ර. විශේෂණ සමාසය.
වෙහෙ
1. නා.ප්‍ර. වේයා.
2. වේවැල් ; වේත්රලතා.
3. වේ ; වීදිය ; විථිය.
වෙහෙර
1. නා.ප්‍ර. විහාරය ; බෞද්ධ සිද්ධස්ථානය.
2. දාගැබ ; ස්තූපය.
වෙහෙර ගබ
නා.ප්‍ර. විහාර ගර්භය.
වෙහෙර ගම
නා.ප්‍ර. විහාරයක් සඳහා පූජා කරන ලද ගම.
වෙහෙර දරු
නා.ප්‍ර. විහාර ආරාමවල සුළු සේවක පිරිස.
වෙහෙර මහ
නා.ප්‍ර. විහාර පූජාව.
වෙහෙර මළුව
නා. දාගැබ හෝ විහාරය අවට පිහිටි මිදුල.
වෙහෙරිපත්
නා.ප්‍ර. රථයෙහි වහල සෙවිලි කිරීමට ගන්නා වියළි වේත්රපත්ර හෝ ගස් පතුරු.
වෙහෙල්
1. නා.ප්‍ර. මුව විශේෂයක්.
2. වේල්ල.
වෙහෙල් අත්වැට
නා.ප්‍ර. පියගැට පෙළ දෙපස යොදන අත්වැල.
වෙහෙලි
නා.ප්‍ර. කුඹුරු, වැව් ආදියේ ජලය පිටාර ගැලීම වැළැක්වීමට බඳින බැම්බ ; නියර ; මියර ; වැටි.
වෙහෙලිපත්
නා.ප්‍ර. කරත්තයේ දෙපස සවිකර ඇති ඇන්ද.
වෙහෙස
නා. මහන්සිය ; විඩාව ; පීඩාව ; හිරිහැරය.
වෙහෙසනවා
ක්‍රි.පීඩා කරනවා ; හිරිහැර කරනවා ; මහන්සි වෙනවා.
වෙළ
ක්‍රි.වි. වහා ; ඉක්මනට.
1. නා.ප්‍ර. භය ; තැතිය.
2. වෙරළ ; වේලාතටය.
වෙළ ගන්නවා
ක්‍රි. භය වෙනවා ; තැති ගන්නවා.
වෙළනවා
ක්‍රි. ඔතනවා ; දවටනවා.
වෙළඳ
1. නා.ප්‍ර. වෙළඳ වංශය ; වෛශ්‍ය වංශය.
2. වෙළඳාම් කරන්නා ; වෙළෙන්දා.
වි. වාණිජ ; වාණිජ කටයුතු හා සම්බන්ධ.
වෙළඳ අගය
නා.ප්‍ර. සමාගමක මිල දී ගන්නා ලද කොටසක් අන් අයකුට විකිණීමෙන් ලබාගත හැකි මුදල.
වෙළඳ කුලය
නා. වෙළඳාම් කරන වංශය ; වාණිජ කුලය.
වෙළඳ ගිවිසුම
නා. වෙළඳාම සඳහා දෙපක්ෂයක් හෝ රටවල් දෙකක් අතර ඇති කරගන්නා පොරොන්දුව.
වෙළඳ තුලනය
නා. රටට ගෙන්වන දෙය හා රටින් යවන දේ තුලනය කිරීම ; ආනයන අපනයන දෙ අගය සැසඳීමෙන් හෙළිදරවු වන තත්ත්වය.