ශුෂිර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සිදුරු සහිත ; නළයෙන් යුතු ; සචිද්‍ර.
නා.ප්‍ර. වාත ධාරාවක් මඟින් නාද කරවන තූර්ය භාණ්ඩය ; වස්දණ්ඩ ; නළාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සිදුර/ වස්දඬු, හොරණෑ, සක් ආදී වායු ධාරාවක් උපයෝගී කරගෙන හඬ උපදවන තූර්ය භාණ්ඩ (සං. ශුෂිර, සුෂිර පා. සුසිර)

නා.ප්‍ර. කුහරය; සිදුර/ වායුධාරාවක් උපයෝගී කරගෙන හඬ උපදවන තූර්ය භාණ්ඩ (සං. සුෂිර, ශුෂිර පා. සුසිර)

නා.ප්‍ර. සිදුර; ඡිද්‍රය/ නළා ආදි සිදුර සහිත වාද්‍ය භාණ්ඩ විශේෂය (සං. ශුෂිර, සුෂිර පා. සුසිර)