අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 325
ශුද්ධිය
නා. පිරිසිදු බව; පවිත්‍රතාව/ සංස්කරණය; සංශෝධනය/ ඔසප් වීම (සං. ශුද්ධි)
ශුද්ධෝත්තම පියතුමා
නා. කතෝලික ආගමේ ප්‍රධාන පූජකයා; පාප්තුමා
ශුද්ධෝදන
නා.ප්‍ර. සුද්ධෝදන
ශුද්‍ර
නා.ප්‍ර. ශූද්‍ර
ශුනකයා
නා. බල්ලා (සං. ශුනක පා. සුනඛ)
ශුභ
වි. හොඳ; යහපත්; මනෝඥ (සං. ශුභ පා. සුභ)
ශුභ ප්‍රාර්ථනා
නා.ප්‍ර. සුබ පැතුම (සං. ශුභ+ප්‍රාර්ථනා)
ශුභ මුහුර්තය
නා. යහපත් මොහොත
ශුභ සාධක
වි. යහපත සලසා දෙන
ශුභ සාධනය
නා. යහපතට කටයුතු කිරීම
ශුභ සිද්ධිය
නා. යහපත; සුභසාධනය
ශුභඵල
නා.ප්‍ර. යහපත් ප්‍රතිඵල (සං. ශුභඵල)
ශුභ්‍ර
වි. සුදු; ධවල; ශ්වේත (සං. ශුභ්‍ර)
ශුභාභුභ
නා.ප්‍ර. යහපත හා අයහපත (සං. ශුභාශුභ)
ශුභාරංචිය
නා. යහපත් පුවත
ශුභාශංසනය
නා. යහපතක් වේවායි කරනු ලබන ආශිර්වාදය (සං. ශුභ+ආශංසන)
ශුෂ්ක
වි. වේළී ගිය; වියළුණු/ නිර්ජල/ හිස්; නිසරු/ මලබද්ධය ඇති කරන (සං. ශුෂ්ක)
ශුෂිර
නා.ප්‍ර. සිදුර/ වස්දඬු, හොරණෑ, සක් ආදී වායු ධාරාවක් උපයෝගී කරගෙන හඬ උපදවන තූර්ය භාණ්ඩ (සං. ශුෂිර, සුෂිර පා. සුසිර)
ශූද්‍ර
නා.ප්‍ර. පුරාණ භාරතයේ පැවති පහත් ම කුලයෙහි නාමය; චතුර්වර්ණ අතුරින් සිව්වැන්න (සං. ශුද්‍ර)
ශූන්‍ය
වි. හිස්; බොල් (සං. ශූන්‍ය)
ශූර
වි. දක්ෂ; සමර්ථ; බලවත් (සං. ශූර)
ශූරතාව
නා. දක්ෂතාව; තරගයකින් ලබන විශේෂ ජයග්‍රහණය (සං. ශූරතා)
ශූලය
නා. උල් ආයුධය; හෙල්ල/ දැවිල්ල; රුජාව (සං. ශූල)
ශෘංගය
නා. අඟ/ ස්තුපයක කොත් කැරැල්ල (සං. ශෘඞ්ග)
ශෘංගාර
වි. අනුරාගය හා සම්බන්ධ; රාගනිශ්රිත (සං. ශෘඞ්ගාර)