අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 326
ශෘගාල
නා.ප්‍ර. හිවලා (සං. ශෘගාල)
ශේඛරය
නා. හිසෙහි පලඳින මල් දම/ ඔටුන්න; කිරුළ/ මස්තකය; ශිඛාව/ මාලාව; මල්දම (සං. ශෙඛර)
ශේෂ
වි. ඉතිරි, අවශිෂ්ට/ මද; සුළු; අල්ප (සං. ශෙෂ)
ශේෂපත්රය
නා. අයවැය තුලනය කර දක්වන සටහන් පත
ශේෂමාත්ර
වි. ඉතා සුළු
ශෛල
වි. ගල් පිළිබඳ; ශෛලමය (සං. ශෛල)
ශෛලමය
වි. ගලින් කරන ලද; පාෂාණමය (සං. ශෛලමය)
ශෛලාසනය
නා. ගල් අසුන (සං. ශෛලාසන)
ශෛලීය
නා. රීතිය; විධිය; ක්‍රමය (සං. ශෛලී)
ශෛව
වි. ශිව දෙවියා හා සම්බන්ධ (සං. ශෛව)
ශෝකජනක
වි. ශෝක උපදවන
ශෝකය
නා. චිත්ත සන්තාපය; කනගාටුව (සං. ශොක පා. සොක)
ශෝකාකූල
වි. ශෝකයෙන් අවුල් වූ
ශෝකාලාප
නා.ප්‍ර. ශෝකී වචනය; අඳෝනාව (සං. ශොක+ආලාප)
ශෝචනීය
වි. අතිශය දුක්ඛදායක; ශෝක කටයුතු (සං. ශොචනීය)
ශෝථය
නා. යම් ආබාධයක් නිසා සිරුර හෝ සිරුරේ කොටසක් ඉදිමීම (සං. ශොථ)
ශෝධකයා
නා. පිරිසිදු කරන්නා (සං. ශොධක)
ශෝධනය
නා. කුණු සෝදා ඉවත් කිරීම; පවිත්‍ර කිරීම/ බැහැර කිරීම/ නිවැරදි කිරීම; සංශෝධනය (සං. ශොධන)
ශෝධ්යපත්රය
නා. ශුද්ධිපත්‍රය
ශෝඵය
නා. ශරීරයේ පටක තුළ ද්‍රව්‍ය රැස්වී ඉදිමීම (සං. ශොඵ)
ශෝභන
වි. බබළන; මනහර; අලංකාර (සං. ශොභන පා. සොභන)
ශෝභමාන
වි. අලංකාර
ශෝභා සම්පන්න
වි. ශෝභාවෙන් යුක්ත; පියකරු