අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 327

ශෝභාව

නා. බැබළීම (සං. ශොභා)

ශෝභාවත්

වි. ශෝභාව ඇති

ශෝභිත

වි. සරසන ලද; මනහර; අලංකාරවත් (සං. ශොභිත පා. සොභිත)

ශෝභිනී

නා.ප්‍ර. ශෝභමාන ස්ත්‍රිය; අලංකාර බව ඇති කරන්නිය (සං. ශොභිනී)

ෂටශ්‍ර

වි. පැති හයකින් යුත්; කෝණ හයකින් යුත් (සං. ෂඩශ්‍ර, ෂඩස්‍ර)

ෂට්

නා.ප්‍ර. හය; සය (සං. ෂට්, ෂඩ්)

ෂට් ශාස්තෘ

නා.ප්‍ර. බුද්ධ කාලයේ විසූ අන්‍ය ශාස්තෘවරුන් සය දෙනා (සං. ෂට්ශාස්ත්‍රීන්)

ෂට්භාෂා

නා.ප්‍ර. භාෂා හය; සංස්කෘත, ප්‍රාකෘත, මාගධි, පෛශාචි, ශෞරසේනි හා අපභ්‍රංශ (සං. ෂඩ්භාෂා)

ෂඩායතන

නා.ප්‍ර. විදර්ශනා ඥානය වැඩීමට භූමි වූ ධර්ම සළායතනය (සං. ෂඩායතන)

ෂෂ්ට

නා.ප්‍ර. හැට (සං. ෂෂ්ට, ෂෂ්ටි)

ෂෂ්ඨ

නා.ප්‍ර. හය; හයවැන්න (සං. ෂෂ්ඨ)

ෂෂ්ඨි

නා.ප්‍ර. සවන විභක්තිය; සම්බන්ධ විභක්තිය

ෂෝඩශ

නා.ප්‍ර. දහසය; සොළස (සං. ෂොඩශ)

සංඍෂ්ට

වි. මිශ්‍ර/ මෙවුන්දම්හි හැසිරෙන (සං. සංඍෂ්ට)

සංකථනය

නා. සමූහ කථනය (සං. සංකථන)

සංකරණය

නා. මුසු වීම; සංකලනය; මිශ්‍රණය (සං. සඞ්කරණ)

සංකර්ෂණය

නා. ඇදීම; ඉවතට ගැනීම (සං. සඞ්කර්ෂණ)

සංකලනය

නා. එකතුව; මිශ්‍ර වීම (පා. සං. සඞ්කලන)

සංකල්පනාව

නා. යහපත් අදහස; සිතිවිල්ල; චින්තනය (පා. සං. සංකල්පනා)

සංකල්පය

නා. අදහස; සිතිවිල්ල; සම්මතය (සං. සඞ්කල්ප)

සංක්ලිෂ්ට

වි. කිලිටි; අපිරිසිදු (සං. සඞ්කලිෂ්ට පා. සංකිලිට්ඨ)

සංක්ලේශ

වි. කිලිටි කරන; කෙලෙස් පිළිබඳ (සං. සංක්ලෙශ පා. සංකිලෙස)

සංක්ෂය

නා.ප්‍ර. ගෙවී යෑම; ක්ෂය වීම (සං. සංක්‍ෂය)

සංක්ෂිප්ත

වි. කෙටි; ලුහුඬු (සං. සංක්‍ෂිප්ත)