අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 324

ශීත

නා.ප්‍ර. උෂ්ණත්වය අඩුබව; සිසිල (සං. ශීත)

ශීත ඍතුව

නා. ශීත කාලය

ශීතකරණය

නා. අයිස් පෙට්ටිය

ශීතල

නා.ප්‍ර. සිසිල/ මුතු ඇටය (සං. ශීතල)

ශීතෝෂ්ණ

නා.ප්‍ර. සිසිල් බව හා උණුසුම් බව (සං. ශීතොෂ්ණ)

ශීර්ෂ පාඨය

නා. ලිපි ලේඛන ආදියෙහි යොදන මාතෘකා පාඨය; සිරස්තලය/ ශබ්දකෝෂ ආදියෙහි ශීර්ෂ පදය

ශීර්ෂච්ඡේදනය

නා. හිස ගසාදැමීම (සං. ශීර්ෂච්ඡෙදන)

ශීර්ෂය

නා. හිස; ඔළුව/ මුදුන; ශිඛරය/ මාතෘකාව (සං. ශීර්ෂ)

ශීර්ෂාබාධ

නා.ප්‍ර. හිසේ රුදාව

ශීර්ෂාභරණය

නා. හිසෙහි පලඳන ආභරණය

ශීර්ෂාවරණය

නා. හිස් වැස්ම

ශීල

නා.ප්‍ර. හික්මීම/ ස්වභාවය; ගතිය (සං. ශීල)

ශීලාචාර

වි. සදාචාර සම්පන්න (සං. ශීල+ආචාර)

ශුක්ල

වි. සුදු; ශ්වේත/ යහපත්/ චන්ද්‍ර මාසයේ පුර පක්ෂයට අයත් (සං. ශුක්ල)

ශුක්ල පක්ෂය

නා. චන්ද්‍ර මාසයෙහි පුර පක්ෂයේ තිථි හෙවත් දින 15 ක කාලය (සං. ශුක්ලපක්‍ෂ)

ශුක්‍ර

නා.ප්‍ර. පුරුෂ ධාතු (සං. ශුක්‍ර)

ශුක්‍රාණුව

නා. ශුක්‍ර ධාතුවේ ඇති පුරුෂ බීජය (සං. ශුක්‍ර+අණු)

ශුණ්ඩ

නා.ප්‍ර. හොඬය/ ඇතැම් කෘමීන්ට පිහිටා ඇති තුඩ (සං. ශුණ්ඩ)

ශුද්ධ

වි. පිරිසිදු; පවිත්‍ර/ නොකැලැල්/ නිවැරදි/ පිරිසිදු (සං. ශුද්ධ)

ශුද්ධ ලාභය

නා. ව්‍යාපාරයක සියලු වියදම්වලින් පසු ඉතිරි වන ආදායම් කොටස

ශුද්ධාත්මය

නා. කිතු දහමේ දෙවියන් පිළිබඳ වන ත්‍රිවිධ ශුද්ධීන්ගෙන් එකක්

ශුද්ධාෂ්ටකය

නා. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, රස, ගන්ධ, ඕජා යන රූප කලාප අට

ශුද්ධිපත්‍රය

නා. සෝදුපත

ශුද්ධිපත්‍රාවලෝකනය

නා. සෝදුපත් බැලීම