අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 323
ශිල්පය
නා. විද්‍යා, කලා, සංගීත ආදි සියලු ම ශාස්ත්‍ර (සං. ශිල්ප)
ශිල්පායතනය
නා. ශිල්ප ශාස්ත්‍ර උගන්වන ස්ථානය
ශිල්පිනිය
නා. ශිල්ප දත් තැනැත්තිය
ශිලා
නා.ප්‍ර. ගල; පර්වතය (සං. ශිලා)
ශිලා ගෝලය
නා. පෘථිවිය සෑදී ඇති කොටස් තුනෙන් එකක්
ශිලා ලේඛනය
නා. ගලේ කෙටූ ලිපිය
ශිලාස්තම්භය
නා. ගලින් කළ කණුව (සං. ශිලාස්තම්භ)
ශිව
නා.ප්‍ර. ශාන්තිය/ ඊශ්වරයා (සං. ශිව)
ශිවංකර
වි. සෙත සලසන; යහපත ඇති කරන (සං. ශිවකර, ශිවංකර)
ශිවභක්තිය
නා. ශිව දෙවියන් කෙරේ ඇති ශ්‍රද්ධාව (සං. ශිවභක්ති)
ශිශ්නය
නා. පුරුෂ ලිංගය (සං. ශිශ්න)
ශිශිර
වි. සිසිල්; සීතල (සං. ශිශිර)
ශිශිර ඍතුව
නා. ශීත කාලය; ශීත ඍතුව (සං. ශිශිර+ඍතු)
ශිෂ්ට
වි. උගත්; ප්‍රාඥ/ ශීලාචාර සම්පන්න; සභ්‍ය (සං. ශිෂ්ට)
ශිෂ්ටාචාරය
නා. සමාජයක පවතින ශිෂ්ට සම්පන්න බව; සභ්‍යත්වය (සං. ශිෂ්ටාචාර)
ශිෂ්‍ය භටයා
නා. යුද්ධ ශිල්පය හදාරන ආධුනිකයා
ශිෂ්‍යත්වය
නා. ශිෂ්‍යභාවය/ අධ්‍යයන කටයුතු සඳහා දෙන විශේෂ වරප්‍රසාදය (සං. ශිෂ්‍යත්ව)
ශිෂ්‍යභාවය
නා. ශිෂ්‍යයකු බවට පත්වීම
ශිෂ්‍යයා
නා. ඉගෙනීම ලබන්නා (සං. ශිෂ්‍ය)
ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර
නා. ආචාර්යවරයකුගේ ප්‍රධාන ශිෂ්‍යයාගේ සිට දෙවන, තුන්වන ආදි වශයෙන් වූ ශිෂ්‍ය පරම්පරාව
ශිෂ්‍යාව
නා. ඉගෙනීම ලබන්නිය; සිසුවිය
ශීකර
නා.ප්‍ර. සිහින් දිය බිඳු; වැහි පොද (සං. ශීකර)
ශීඝ්‍ර
වි. ඉක්මන්; හදිසි; වේගවත් (සං. ශීඝ්‍ර)
ශීඝ්‍රගාමී
වි. ඉක්මන් ගමන් ඇති; වේගවත් ව යන (සං. ශීඝ්රගාමීන්)