අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 322

ශාස්ත්‍රාලය

නා. විදුහල; පාසැල

ශාස්ත්‍රාලෝකය

නා. ශාස්ත්‍රය නිසා ලැබෙන දියුණුව

ශාස්ත්‍රීය

වි. ශාස්ත්‍රය පිළිබඳ (සං. ශාස්ත්‍රීය)

ශාස්ත්‍රෝද්ග්‍රහණය

නා. ශාස්ත්‍ර උද්ග්‍රහණය; ශාස්ත්‍ර ඉගෙනීම

ශාස්ත්‍රෝන්නතිය

නා. ශාස්ත්‍ර උන්නතිය; ශාස්ත්‍රය පිළිබඳ දියුණුව

ශාස්තෘ

නා.ප්‍ර. ආගමික කර්තෘවරයා/ බුදුන් වහන්සේ (සං. ශාස්තෘ)

ශික්ෂක

නා. හික්මවන්නා; ගුරුවරයා (සං. ශික්‍ෂක)

ශික්ෂණය

නා. හික්මීම; විනය/ හැදෑරීම; අධ්‍යයනය (සං. ශික්‍ෂණ)

ශික්ෂාකරණ

වි. උගන්වන; අධ්‍යාපනය දෙනු ලබන

ශික්ෂාපණය

නා. ඉගෙනීම; හික්මවීම; අධ්‍යාපනය

ශික්ෂාව

නා. ඉන්ද්‍රිය සංවරය; විනයානුකූල හැසිරීම/ ඉගෙනීම; හික්මවීම (සං. ශික්‍ෂා)

ශික්‍ෂිත

වි. හික්මුණු; ශීලාචාර වූ (සං. ශික්‍ෂිත)

ශිඛරය

නා. මුදුන; මස්තකය/ පර්වත මස්තකය (සං. ශිඛර)

ශිඛාමණි

නා.ප්‍ර. හිස මුදුනෙහි පලඳින මාණික්‍යය; සිළුමිණ; චූඩාමාණික්‍යය (සං. ශිඛාමණි)

ශිඛාව

නා. ගිනි දැල්ල/ මුදුන; මස්තකය/ කෙළවර; තුඩ (සං. ශිඛා පා. සිඛා)

ශිථිල

වි. බුරුල්/ පහසු (සං. ශිථිල)

ශිර කපාලය

නා. හිස්කබල; ශීර්ෂ කපාලය (සං. ශිරඃකපාල)

ශිරච්ඡේදනය

නා. හිස සිඳීම; ශීර්ෂච්ඡේදනය (සං. ශීර්ෂච්ඡෙදන)

ශිරස

නා. ඉස; හිස/ ප්‍රධානයා (සං. ශිරස්)

ශිරාව

නා. රුධිර වාහිනිය; ලේ නහරය (පා. සං. සිරා සං. ශිරා)

ශිරෝධාතුව

නා. බුදුන්ගේ සිරස; සර්වඥ ශීර්ෂය

ශිරෝමණි

නා.ප්‍ර. සිළුමිණ; හිසෙහි පලඳින මැණික

ශිල්ප ඥානය

නා. ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ නුවණ; ශිල්ප දැනුම

ශිල්පඥයා

නා. ශිල්ප ශාස්ත්‍ර පිළිබඳ මනා දැනුමක් ඇති තැනැත්තා