අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 321
ශානරය
නා. සාහිත්‍යකලා ආදියෙහි ශෛලිය; ආර (ඉං. genre)
ශාන්ත
1. වි. සන්සුන්; නිශ්චල; සංවර (සං. ශාන්ත) 2. ශුද්ධ වූ (ඉං. saint)
ශාන්ති කර්මය
නා. ග්‍රහ අපල දුරු කිරීමට කරන මන්ත්‍ර ගුරුකම් ආදිය; සෙත් ශාන්තිය (සං. ශාන්තිකර්මන්)
ශාපය
නා. විපතක් සිදුවීමට පැතීම; අනර්ථ වූ ප්‍රාර්ථනාව (සං. ශාප පා. සාප)
ශාබ්දික
වි. ශබ්දය පිළිබඳ (සං. ශාබ්දික)
ශාරද
වි. ශරත් ඍතුවට අයත්/ විළිබිය ඇති; විනීත (සං. ශාරද)
ශාරික
නා.ප්‍ර. සැලළිහිණියා (සං. ශාරිකා)
ශාරීරික
වි. කය හා සම්බන්ධ වූ (සං. ශාරීරික පා. සාරීරික)
ශාලාව
නා. විශාල පිරිසකට එකවර රැස් වී සිටිය හැකි ගෙය/ අමුත්තන් පිළිගැනීමාදිය සඳහා ගෘහයක වෙන් කර ඇති කොටස (සං. ශාලා)
ශාලෝද්යානය
නා. සල්වනය
ශාශ්වත
වි. සදාකාලික; නිත්‍ය නා.ප්‍ර. ලෝකය සදාකාලිකය යන මතය/ නිත්‍ය ස්වභාවය (සං. ශාශ්වත)
ශාසනය
නා. අනුශාසනාව; අවවාදය/ බුදුන් වහන්සේ විසින් ප්‍රතිෂ්ඨාපිත සසුන (සං. ශාසන)
ශාසනස්ථිතිකාමී
වි. සසුනෙහි ස්ථිර භාවයට කැමති
ශාසනාරක්ෂක
නා.ප්‍ර. ශාසනය ආරක්ෂා කරන
ශාසනාලය
නා. ශාසනයට ඇති කැමැත්ත
ශාසනාවතාර
වි. සසුනට ඇතුළත් වූ
ශාසනික
වි. සසුනට අයත්
ශාස්ත්‍රඥයා
නා. පඬිවරයා; යම් යම් විෂය පිළිබඳ මනා දැනුමක් ඇති පුද්ගලයා (සං. ශාස්ත්‍රඥ)
ශාස්ත්‍රපති
වි. ශාස්ත්‍රයට ස්වාමිත්වය දරන නා.ප්‍ර. එනම් උපාධිය
ශාස්ත්‍රය
නා. ඒ ඒ ශිල්පයට හා කලාවට අදාළ දැනුම (සං. ශාස්ත්‍ර)
ශාස්ත්‍රාචාර්ය
නා.ප්‍ර. ශාස්ත්‍රවේදී උපාධිය (සං. ශාස්ත්‍රාචාර්ය)
ශාස්ත්‍රානුකූල
වි. ශාස්ත්‍රයට ගැළපෙන
ශාස්ත්‍රාභිලාෂී
වි. ශාස්ත්‍රය ඉගෙනීමට කැමති