අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 320
ශ්‍රැතිය
නා. ඇසුනු දෙය; ශ්‍රවණය කළ දයෙ/ වේදය/ සංගීතයෙහි එක් ස්වරයක සිට අනික් ස්වරයක් දක්වා අන්තරයෙහි පවත්නා ශබ්දයන්ගේ වේග ප්‍රමාණය (සං. ශ්රැති)
ශ්රැතිසූචනාර්ථය
නා. ඇසූ බව ප්‍රකාශ කිරීමේ අර්ථය
ශ්රෑයමාන
වි. අසනු ලබන (සං. ශ්රෑයමාන)
ශ්‍රිතය
නා. යමක ක්‍රියා කිරීම; හැසිරීම
ශ්‍රියාව
නා. සිරියාව; ශෝභාව (සං. ශ්‍රියා)
ශ්‍රීපාදස්ථානය
නා. සමනල කන්ද (සං. ශ්‍රීපාද+ස්ථාන)
ශ්‍රීමත්
වි. උසස්; ශ්‍රේෂ්ඨ (සං. ශ්‍රීමත්)
ශ්‍රීමුඛය
නා. බුදුරදුන්ගේ මුහුණ; බුදුරදුන්ගේ මුඛය
ශ්‍රීවිභූතිය
නා. මහත් වූ සම්පත
ශ්‍රේඪිය
නා. ගණිතයෙහි ශ්‍රේණිය (සං. ශ්රෙඪි)
ශ්‍රේණිය
නා. සමූහය; පෙළ/ ව්‍යාපාරික ප්‍රජාව; වෙළඳ සංසදය/ පාසල් ළමයින් ඉගෙන ගන්නා පන්තිය/ සංඛ්‍යා පේළිය; සමාන්තර ශ්‍රේණිය (සං. ශ්‍රෙණි, ශ්‍රෙණි)
ශ්‍රේෂ්ඨ
වි. ඉතා උසස්; ඉතා උතුම් (සං. ශ්‍රෙෂ්ඨ)
ශ්‍රේෂ්ඨාධිකරණය
නා. උසස් අධිකරණ සභාව
ශ්‍රෝණිමේඛලාව
නා. කොඳු ඇට පෙළ අවසානයේ උකුළ ප්‍රදේශය හා සම්බන්ධ ඇට පිහිටීම
ශ්‍රෝණිය
නා. උකුළ; කටිය (සං. ශ්‍රොණි)
ශ්‍රෝත
නා.ප්‍ර. කන/ සැඬ දිය පහර (සං. ශ්‍රොත)
ශ්‍රෝතාපත්ති
නා.ප්‍ර. නිවන කරා නොවරදවා ගෙන යන මාර්ගය නමැති සැඬ දිය පහරට පැමිණීම
ශ්රෝතෘ
වි. අසන; සවන්දෙන
ශ්‍රෝතේන්ද්‍රිය
නා.ප්‍ර. කන (සං. ශ්‍රොත+ඉන්ද්රිය)
ශාක
නා.ප්‍ර. ගස් කොළන්; පැළෑටි (සං. ශාක)
ශාක භක්ෂක
වි. ශාකමය ආහාර පමණක් ගන්නා (සං. ශාකභක්ෂ)
ශාකසාර
නා.ප්‍ර. පැළෑටි ආශ්රයෙන් ලබාගත් සාරය
ශාක්‍ය
නා.ප්‍ර. ශාක්‍ය වංශය; එනම් රාජ කුලය (සං. ශාක්‍ය)
ශාඛාව
නා. ප්‍රධාන කඳෙන් බෙදී ගිය අත්ත; ශාඛාව (සං. ශාඛා පා. සාඛා)
ශාටකය
නා. සළුව; වස්ත්‍රය (සං. ශාටක පා. සාටක)