අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 319
ශ්වේතච්ඡත්‍ර
නා.ප්‍ර. සුදු කුඩය; සේසත (සං. ශ්වෙතච්ඡත්‍ර)
ශ්වේතාණුව
නා. සුදුපාට අණුවලින් යුත් රුධිරය
ශ්‍යාම
නා.ප්‍ර. කළුපාට/ රාග තාල ප්‍රභේදයක නාමය (සං. ශ්‍යාම)
ශ්‍යාමෝපාලි වංශය
නා. සියම් දේශයේ උපාලි හිමියන්ගෙන් පැවතෙන සඟ පරපුර
ශ්‍රද්ධාව
නා. බුද්ධාදි ගුණ පිළිගන්නා ස්වභාවය (සං. ශ්‍රද්ධා)
ශ්‍රම විභජනය
නා. ශ්‍රමය බෙදී යෑම
ශ්‍රමණයා
නා. තාපසවරයා/ පැවිදි බිමට ඇතුළත් උතුම් පුද්ගලයා (සං. ශ්‍රමණ)
ශ්‍රමදානය
නා. ස්වේච්ඡාවෙන් ශ්‍රමය වැය කිරීම
ශ්‍රමය
නා. මහන්සිය; ශක්තිය වැය කිරීම (සං. ශ්‍රම)
ශ්‍රමිකයා
නා. ශ්‍රමය යොදවන්නා
ශ්‍රවණගෝචර
වි. ඇසීමට ගොදුරු වූ (සං. ශ්රවණගොචර)
ශ්‍රවණය
නා. කන ඇසීම; සවන් දීම (සං. ශ්‍රවණ)
ශ්‍රවණාධාර
වි. ඇසීමට ආධාර වන
ශ්‍රවණාබාධිත
වි. කනෙහි ආබාධ සහිත
ශ්‍රවණිය
වි. ශ්‍රවණයට සුදුසු (සං. ශ්‍රවණිය)
ශ්‍රවණේන්ද්‍රිය
නා.ප්‍ර. ශබ්ද ඇසීමේ ඉන්ද්රියය; කන (සං. ශ්‍රවණෙන්ද්‍රිය)
ශ්‍රව්‍ය
වි. අසන; අසනසුලු (සං. ශ්‍රව්‍ය)
ශ්‍රාන්ත
වි. වෙහෙස වූ; විඩාපත් (සං. ශ්‍රාන්ත)
ශ්‍රාවක
වි. බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිපදින්නා වූ/ සවන් දෙන (සං. ශ්‍රාවක පා. සාවක)
ශ්‍රාවස්ති
නා.ප්‍ර. සැවැත්නුවර (සං. ශ්‍රාවස්ති)
ශ්‍රාව්‍ය
වි. ඇසිය යුතු; ශ්‍රවණය කළ යුතු (සං. ශ්‍රාව්‍ය)
ශ්‍රැත
වි. අසන ලද; ශ්‍රවණය කළ (සං. ශ්‍රැත)
ශ්රැති අනුප්රාසය
නා. ශබ්ද මාධූර්යය සඳහා යම් රචනාවක සමාන ශබ්ද ඇති අකුරු ළඟ යෙදීම
ශ්රැතිගෝචර
වි. කනට ගොදුරුවන