අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 318

ශරතුස්ත්‍ර

නා.ප්‍ර. ක්‍රි.පූ. 6 වන සියවසේ දී පමණ පර්සියාවේ විසූ ආගමික කර්තෘවරයකුගේ නාමය

ශරමුඛය

නා. ඊයෙහි මුහුණත; ඊතුඩ (සං. ශරමුඛ)

ශරවන

නා.ප්‍ර. බට කැලෑව (සං. ශරවන)

ශර්කරා

නා.ප්‍ර. හකුරු/ ගල් කැට; බොරලු (සං. ශර්‍කරා)

ශරාව

නා.ප්‍ර. බෝතලය/ කට පළල් බඳුන/ මිනුම් ඒකකයක්; සේරුව (සං. ශරාව පා. සරාව)

ශරීරකෘත්‍යය

නා. මලපහ කිරීම

ශරීරය

නා. සිරුර/ මෘත දේහය (සං. ශරීර)

ශල්‍ය වෛද්‍ය

නා.ප්‍ර. සැත්කම් කරන වෛද්‍යවරයා; ශල්‍ය චිකිත්සකයා.

ශල්‍යකර්මය

නා. රෝගයකට සියුම් ආයුධ භාවිතයෙන් කරන ප්‍රතිකර්මය; සැත්කම (සං. ශල්‍යකර්ම)

ශල්‍යය

නා. උල; කටුව/ ශරය; තෝමරය/ ආයුර්වේදයෙහි අංග අටෙන් එකක් (සං. ශල්‍ය)

ශල්‍යාගාරය

නා. ශල්‍යකර්මයක් සිදුකරන ස්ථානය

ශල්‍යෝපකරණ

නා.බහු. ශල්‍යකර්මවල දී භාවිත කරන උපකරණ

ශස්ත්‍ර කර්මය

නා. කැපීම් මඟින් කරන වෛද්‍ය කර්මය; සැත්කම (සං. ශාස්ත්‍රකර්මන්)

ශස්ත්‍රය

නා. කඩුව; ආයුධය; සැත (සං. ශස්ත්‍ර)

ශස්‍ය

නා.ප්‍ර. සස්‍ය (සං. ශස්‍ය, සස්‍ය)

ශ්ලිෂ්ට

වි. වැදලඳගත්; එකතු වූ/ කැටි ගැසුණු/ සිලුටු (සං. ශ්ලිෂ්ට)

ශ්ලේෂ්මලය

නා. සෙම (සං. ශ්ලෙෂ්මල)

ශ්ලේෂාර්ථය

නා. අරුත් දෙකක් ඇතිවීම

ශ්ලේෂාලංකාර

නා.ප්‍ර. සමාන රූප ඇති පදවලින් අර්ථ දෙකක් හෝ වැඩි ගණනක් හෝ නංවන කාව්‍යාලංකාරය

ශ්ලෝකය

නා. සිලෝව/ ස්තුතිය; ප්‍රශංසාව (සං. ශ්ලොක)

ශ්වසනය

නා. හුස්ම ගැනීම හා පිට කිරීම (සං. ශ්වසන)

ශ්වසනේන්ද්‍රිය

නා.ප්‍ර. ශ්වසනය සඳහා උපයෝගී වන ඉන්ද්‍රියය

ශ්වාසනාලිකාව

නා. ශ්වාසනාලයේ තිබෙන ප්‍රධාන ශාඛා දෙකෙන් එකක්

ශ්වේත

නා.ප්‍ර. සුදු පාට; එළ පැහැය (සං. ශ්වෙත)