අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 317

ශතකය

නා. සියය (සං. ශතක)

ශතවර්ෂය

නා. වසර සියය; සියවස (සං. ශතවර්ෂ)

ශතසංවත්සරය

නා. වසර සියයක් සැපිරීම

ශතසහස්‍රය

නා. සියක් දහස; ලක්ෂය (සං. ශතසහස්‍ර)

ශත්‍රැ

වි. සතුරු; විරුද්ධකාර (සං. ශත්‍රැ)

ශනි

නා.ප්‍ර. සෙනසුරු ග්‍රහයා/ සෙනසුරාදා (සං. ශනි)

ශනිදා

නා. සෙනසුරාදා

ශපථය

නා. දිවුරා කරන ප්‍රකාශය; දිවුරුම/ ශාපය (සං. ශපථ පා. සපථ)

ශබ්ද විද්‍යාඥයා

නා. භාෂාවක ශබ්ද ශාස්ත්‍රය පිළිබඳ දන්නා තැනැත්තා

ශබ්දකෝෂය

නා. අකාරාදිය (සං. ශබ්දකොශ ශබ්දකොෂ)

ශබ්දය

නා. හඬ; නාදය; ඝෝෂාව/ වචනය/ අකුර; අක්ෂරය/ ශබ්ද ප්‍රකෘතිය (සං. ශබ්ද)

ශබ්දානුප්‍රාසය

නා. සමාන හඬ ඇති අකුරු හෝ පද හෝ ළං ව යෙදීමේ කාව්‍යාලංකාරය

ශබ්දානුශාසනය

නා. නිවැරදි ශබ්ද නීතිය; ව්‍යාකරණය (සං. ශබ්දානුශාසන)

ශබ්දාර්ණව

නා.ප්‍ර. වචන නමැති මුහුද; පැරණි සංස්කෘත කෝෂ ග්‍රන්ථයක නාමය (සං. ශබ්දාර්ණව)

ශබ්දාර්ථය

නා. වචනය සහ අර්ථය (සං. ශබ්දාර්ථ)

ශබ්දාලංකාරය

නා. ශබ්දය නිසා ඇති වන අලංකාරය; අනුප්‍රාසය

ශබ්දාවලිය

නා. ශබ්ද සමූහය (සං. ශබ්දාවලි)

ශබ්දෝච්චාරණය

නා. වචන ශබ්ද කිරීම (සං. ශබ්දොච්චාරණ)

ශමනය

නා. සංසිඳීම; සැනසීම (සං. ශමන)

ශයනය

නා. හිඳීම; නිදාගැනීම/ ඇඳ (සං. ශයන පා. සයන)

ශය්‍යාව

නා. ඇඳ; සයනය (සං. ශය්‍යා)

ශර

නා.ප්‍ර. ඊය; ඊතලය (සං. ශර පා. සර)

ශරණ

වි. පිහිට වන; උපකාර වන (සං. ශරණ පා. සරණ)

ශරත්

නා.ප්‍ර. ඍතුවක නාමය/ අවුරුද්ද (සං. ශරද්)