ශබ්දය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. (යම්කිසිවකින් නිකුත් වන) හඬ ; සද්දය.
2. මහත් හඬ ; ඝෝෂාව.
3. නද ; නාදය.
4. මුවින් නිකුත් කරන හඬ ; කටහඬ.
5. වචනය ; වදන.
6. අකුර ; අක්ෂරය.
7. විභක්ති ආශ්රය කිරීමට පෙර වචනයක මුල් ස්වරූපය ; ශබ්ද ප්රකෘතිය.
8. (තර්ක.) න්යාය දර්ශනයෙහිලා දැනීම ලබාදෙන ප්රමාණ හතරෙන් එකක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. හඬ; නාදය; ඝෝෂාව/ වචනය/ අකුර; අක්ෂරය/ ශබ්ද ප්රකෘතිය (සං. ශබ්ද)