සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1610
ශබ්දකෝෂය
නා. භාෂාවක වචනවල වර්ණ වින්‍යාසය, උච්චාරණය, අර්ථ නිරුක්ති ආදිය නියමිත පටිපාටියකට අනුව සම්පාදනය කරන ලද ග්‍රන්ථය ; අකාරාදිය.
ශබ්දකෝෂ්ඨය
නා. ස්වාස නාලයේ ඌර්ධව භාගය.
ශබ්දගණය
නා. අකුරු හෝ පද කොටස ; අක්ෂර කොට්ඨාසය.
ශබ්දගුණ
නා.බහු. (සංගී.) ශබ්දයෙහි පවත්නා මනා ස්වභාවය ; ශබ්දයෙහි ශෝභන ලක්ෂණය.
ශබ්දජනක
වි. ශබ්ද උපදවන.
ශබ්දඥ
වි. ශබ්ද ශාස්ත්‍රය දන්නා.
ශබ්දත්රය
නා. (ව්‍යාක.) අන්‍ය ශබ්දකාරක, ත ශබ්ද කාරක, ම ශබ්ද කාරක යන ශබ්ද තුන ; ප්‍රථම, මධ්‍යම, උත්තම යන ; පුරුෂත්‍රය.
ශබ්දදාන
නා.ප්‍ර. හේවිසි, බෙර දවුල් ආදිය වැයීමෙන් කරන පූජාව ; ශබ්ද පූජාව.
ශබ්දනය
නා. වචනය දැන ගැනීමේ මග.
ශබ්දය
1. නා. (යම්කිසිවකින් නිකුත් වන) හඬ ; සද්දය.
2. මහත් හඬ ; ඝෝෂාව.
3. නද ; නාදය.
4. මුවින් නිකුත් කරන හඬ ; කටහඬ.
5. වචනය ; වදන.
6. අකුර ; අක්ෂරය.
7. විභක්ති ආශ්‍රය කිරීමට පෙර වචනයක මුල් ස්වරූපය ; ශබ්ද ප්‍රකෘතිය.
8. (තර්ක.) න්‍යාය දර්ශනයෙහිලා දැනීම ලබාදෙන ප්‍රමාණ හතරෙන් එකක්.
ශබ්දරසය
නා. වචනයක පවත්නා ශ්‍රවණ මාධුර්ය ගුණය.
ශබ්දරැල්
නා.ප්‍ර. ශබ්ද තරංග ; ධ්වනි තරංග.
ශබ්දරූපය
නා. ශ්‍රෝත්‍ර ප්‍රසාදයට විෂය වන ශබ්දය.
ශබ්දව්යුත්පාදනෝපාය
නා.ප්‍ර. වචන ප්රභවය වී ඇති පිළිවෙල ; වචනවල නිරුක්ති ක්‍රමය.
ශබ්දවාහිනී යන්ත්‍රය
නා. ග්රැමෆෝනය ; කථා පෙට්ටිය.
ශබ්දවිචාරය
1. නා. ශබ්දාරම්මණයෙහි සිත බැඳීම; සිත විසින් සිත අරමුණු සේ ගනු ලැබීම.
2. කිසියම් භාෂාවකට අදාළ ශබ්ද රටා, ශබ්ද ඒකක ආදිය පිළිබඳව සොයා බැලීම.
ශබ්දවේධි
වි. (සතෙකුගේ) ශබ්දය පමණක් අසා ඒ අනුව ඉලක්කයට විදීමෙහි සමත්.
ශබ්දවේධි ශරය
නා. ශබ්දය අනුසාරයෙන් විදින හීය.
ශබ්දශාසන
නා.ප්‍ර. ව්‍යාකරණ නීතිය ; වියරණ රීතිය.
ශබ්දසම
වි. සමාන අකුරු ඇති ; එළිසම ඇති.
ශබ්දසමසන
නා.ප්‍ර. පද කෙටි කිරීම ; පද සංක්ෂේපය.
ශබ්දසාධනය
නා. ශබ්දවල නිර්මාණය හෙවත් පද සිද්ධිය පිණිස ඇති වන ව්‍යාකරණ විධි විස්තර කිරීම ; වියරණ ක්‍රම දැක්වීම.
ශබ්දහීන
නා.ප්‍ර. කාව්යදෝෂයක් ; ව්‍යාකරණ විරෝධි පද යෙදීම ආශ්රිත කාව්යදෝෂය.