සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1611

ශබ්දාර්ථ ශාස්ත්‍රය

නා. වචන හා ඒවායේ අරුත් පිළිබඳ විද්‍යාව ; වචනාර්ථ සම්බන්ධ ශාස්ත්‍රය.

ශබ්දාලංකාරය

නා. සමාන හඬ නංවන වචන ළං ළං ව යෙදීම නිසා ඇතිවන කාව්‍යාලංකාරය.

ශබ්දාවලිය

[ශබ්ද + ආවලිය]
නා. ශබ්ද සමූහය ; වචනමාලාව ; පදවැල.

ශමකය

නා. වේදනාව නැති කරන දෙය ; වේදනාව ශමනය කරන ඖෂධය.

ශමථ

නා.ප්‍ර. සන්සිඳවීම ; සත්වයාගේ චිත්ත සන්තානයෙහි බල පවත්වන රාග, ද්වේශ, මෝහ යන ක්ලේශ සන්සිඳවීම.

ශමථ භාවනාව

නා. දෙවැදෑරුම් භාවනා ක්‍රමවලින් එකක් ; සිතේ පහළ වන රාග, ද්වේෂ, මෝහ යන ක්ලේශ ධර්ම සංසිඳවීමේ භාවනා ක්‍රමය.

ශමථබලය

නා. (අභි.) ප්‍රතිවිරුද්ධ ධර්මයන් නිසා කම්පිත නොවන සමාධිය.

ශමන වාදය

නා. ආගමික ධ්‍යාන යෝග ක්‍රමයක් ; ලෞකික ජීවිතයෙන් ඈත් වී භක්තිය මත මානසික ඒකාග්‍රතාවක් ඇති කර ගැනීම.

ශමනක

නා.ප්‍ර. වේදනාව නැති කරන බෙහෙත් ; වේදනාව ශමනය කරන ඖෂධ.

ශමනය

නා. සන්සිඳීම ; සන්සුන් බවට පත්වීම.

ශමනීය

වි. සන්සිඳවිය යුතු ; සන්සිඳවිය හැකි.

ශමය

1. නා. සන්සුන්කම ; සංවරය.
2. ශාන්තිය.
3. කෙලෙස් නැතිවීම.
4. සාමදානය.
5. අලංකාර ශාස්ත්‍රයෙහි සඳහන් වන ස්ථායී භාවයක්.

ශමයිතෘ

නා.ප්‍ර. සන්සිඳුවන්නා ; ශමනය කරන්නා.

ශමිත

වි. සන්සිඳුවන ලද ; ශමනය කළ.

ශමිත පාප

වි. පව් සන්සිඳ වූ ; පවින් මිදුණු.

ශමීගර්භ

නා.ප්‍ර. ගින්න ; අග්නිය ; වහ්නිය.

ශමීධාන්‍ය

නා.ප්‍ර. කරල්වල හටගැනෙන තෝර, මෑ, මුං ආදි ධාන්‍ය ; සූපධාන්‍ය.

ශමීර

නා.ප්‍ර. වාතය ; සුළඟ.

ශයන කෝණය

(පාරිභා.) නා. බුරුල් ද්‍රව්‍ය ගොඩක හෝ ගොඩැල්ලක ආහත මතුපිටෙන් තිරස් රේඛාව සමඟ සෑදිය හැකි උපරිම කෝණය.

ශයන දශකය

නා. (පරමායුෂ අවුරුදු සියයක් සේ සලකා) මනුෂ්‍යයකුගේ ආයුෂ බෙදා දැක්වෙන දශක දහයෙන් අවසන් දශකය ; වයස 90 සිට 146 100 තෙක් වූ දශ අවුරුද්ද.

ශයන රචන

නා.ප්‍ර. යහන සකස් කිරීම ; ඇඳ පිළියෙල කිරීම.

ශයනය

1. නා. නිදීම ; සැතපීම.
2. ඇඳ.

ශයනස්ථ

වි. ඇඳෙහි සිටි ; යහන්ගත.

ශයනාගාරය

නා. නිදන ශාලාව ; ගෙය ; සැතපෙන කුටිය.