සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1612

ශයනාසනය

1. නා. (ප්‍ර. යෙදේ.) නිඳාගැනීම හා හිඳගැනීම ; සැතපීම හා වාඩිවීම.
2. ඇඳ ; යහන.

ශය්‍යාකෘති

[ශය්‍යා + ආකෘති]
වි. ඇඳක ආකාරය ඇති ; යහනාවකට සමාන.

ශය්‍යාව

1. නා. ඇඳ ; සයනය.
2. නිදාගැනීම ; සැතපීම.

ශයාලු

වි. නිදිමත ගති ඇති ; කම්මැලි.

ශයිත

වි. ශයනය කළ ; නිදාගත්.

ශර

1. නා.ප්‍ර. ඊය ; ඊතලය.
2. ලෝහ විශේෂයක් ; යකඩ.

ශර පඤ්ජරය

නා. බටගස් සමූහය ; බටපඳුර.

ශරකර්ම

නා.ප්‍ර. නේත්‍ර රෝග පිළියම් සඳහා උපයෝගී කරගන්නා ශල්‍ය වෛද්‍ය ක්‍රමයක්.

ශරකාණ්ඩය

නා. බට ලී දණ්ඩ.

ශරච්චන්ද්‍රයා

නා. ශරත් කාලයෙහි පායන සඳ.

ශරට

නා.ප්‍ර. සර්පයන් හැර උරග ගණයට අයත් සෙසු සත්ත්ව වර්ගය.

ශරණ

වි. පිහිට වන ; උපකාර වන.
1. නා.ප්‍ර. පිහිට.
2. තිසරණ ; බුද්ධ, ධම්ම හා සංඝ යන තුන් සරණ.

ශරණ පරායණ

වි. ශරණ යෑම ප්‍රධාන කොට ඇති ; සරණ ගිය.

ශරණ ශීලය

නා. තුන් සරණයෙහි පිහිටීම ; සරණ ශීලය.

ශරණගමනය

නා. බුදුන් දහම් සඟන් යන ත්‍රිවිධ රත්නය සරණ යාම.

ශරණගමනෝපසම්පදාව

[ශරණගමන + උපසම්පදාව]
නා. සාමණේර පැවිද්දන් අධිශිලයෙහි හෙවත් උපසම්පදා ශීලයෙහි පිහිටුවීම සඳහා කරනු ලබන විනය කර්මවලින් එකක්.

ශරණස්ථානය

නා. පිහිට වන තැන ; ආරක්ෂිත ස්ථානය ; බලකොටුව.

ශරණාගත

වි. පිහිට පතා පැමිණි ; පිහිට සොයා පැමිණි

ශරණාර්භ

[ශරණ + අර්භ]
වි. අනුන්ට පිහිටවීමට සුදුසු ; අන්‍යයන්ට සරණවීමට යෝග්‍ය.

ශරත් චන්ද්‍රයා

නා. ශරත් කාලයට පායන සඳ ; සරා සඳ.

ශරත් පරම්පරාව

(පාරිභා.) නා. ශාරද කුල ; ශරත් ප්‍රජා සංතතිය.

ශරත් විෂුවය

නා. සරත් සෘතුවෙහි රෑ දහවල් දෙක එක සමානව පවත්නා දිනය ; ශරත් කාලයෙහි සූර්යයාට අවලම්බ ව නිරක්ෂය ඇතිවන සේ පෘථිවිය පිහිටි දිනය.

ශරත් සෘතුව

නා. සරත් සෘතුව ; වප්, ඉල් මාස දෙක.

ශරතෘණ

නා.ප්‍ර. ඊ ගස සෑදීමට ගන්නා තෘණ ශාක විශේෂයක් ; බට.