අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 316
වෛශාරද්‍ය
වි. ශිල්ප, ශාස්ත්‍ර විෂයයෙහි පුළුල් දැනුමක් ඇති (සං. වෛශාරද්‍ය)
වෛශේෂික
වි. එනම් දර්ශනවාදය අනුව යන/ විශේෂයෙන් දක්වන (සං. වෛශෙෂික)
වෛෂම්‍යය
නා. වෙනස් වන බව; විෂම බව (සං. වෛෂම්ය)
වෛෂයික
වි. එක් විෂයක් හෝ එක් දේශයක් පිළිබඳ (සං. වෛෂයික)
වෛෂ්ණව
නා.ප්‍ර. විෂ්ණු දේව භක්තිය පදනම් වූ දේවවාදය (සං. වෛෂ්ණව)
වොටුනු
නා.ප්‍ර. ඔටුන්න
වොරඳනවා
ක්‍රි. බබළනවා; විරාජිත ව සිටිනවා (පා. විරොචති)
වොරඳනා
වි. බබළන්නා වූ; විරාජමාන වන්නා වූ (පා. විරාජමාන)
වොලිබෝල්
නා.ප්‍ර. අත්පන්දු ක්‍රීඩාව (ඉං. volleyball)
ශංකාව
නා. සැකය; අනුමානය (සං. ශඞ්කා)
ශංඛ නාදය
නා. සක්හඬ
ශංඛය
නා. හක්බෙලි කටුව; හක්ගෙඩිය (සං. ශඞ්ඛ පා. සඞ්ඛ)
ශංඛිනී
නා.ප්‍ර. දේහ ලක්ෂණ විද්‍යාව හා කාම විද්‍යාව අනුව බෙදා ඇති කාන්තා ප්‍රභේද හතරින් එකක නාමය (සං. ශඞ්ඛිනී)
ශංසනය
නා. තුති කිරීම; ස්තුතිය (සං. ශංසන)
ශක වර්ෂය
නා. ශාලිවාහන නම් ශක රජුගෙන් ක්‍රි.ව. 78 සිට ආරම්භ වූ වර්ෂ ක්‍රමය (සං. ශකවර්ෂ, ශකරාජවර්ෂ)
ශක්ත
වි. හැකි; පුළුවන්/ ශක්තිමත්/ ඇලුණු; බැඳුණු; ආසක්ත (සං. ශක්ත)
ශක්තිය
නා. කායික හෝ මානසික හෝ සවිය/ බලය; ප්රතාපය/ දක්ෂකම/ බලශක්තිය (සං. ශක්ති)
ශක්‍යතාව
නා. හැකියාව; සමත් බව (සං. ශක්‍යතා)
ශක්‍රභවන
නා.ප්‍ර. ශක්‍රයාගේ වාසස්ථානය (සං. ශක්‍රභවන)
ශක්‍රයා
නා. තව්තිසා දෙව්ලොවට අධිපති දෙවියා (සං. ශක්‍ර)
ශකුන
නා.ප්‍ර. කුරුල්ලා (සං. ශකුන)
ශකුන්තලා
නා.ප්‍ර. සංස්කෘත නාට්‍යයක නාමය (සං. ශකුන්තලා)
ශඨ
වි. කපටි (සං. ශඨ)
ශත
වි. සියය සම්බන්ධ; සියයට අදාළ (සං. ශත පා. සත)