අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 315
වෛචිත්රය
නා. විසිතුරුබව; විචිත්රත්වය (සං. වෛචිත්‍ර)
වෛජයන්ත
නා.ප්‍ර. ශක්‍රයාගේ ප්‍රාසාදය; විජයොත්පාය (සං. වෛජයන්ත)
වෛතාලය
නා. හිමිදිරිය; පාන්දර
වෛතුල්‍ය
වි. ස්ථවිරවාදයට විරුද්ධ අදහස් ඇති පශ්චාත් බෞද්ධ නිකායක් (සං. වෛතුල්‍ය)
වෛදර්භ රීතිය
නා. කාව්‍ය රචනා රීතියක්
වෛද්‍යය
නා. වෛද්‍ය ශාස්ත්‍රය; වෙදකම (සං. වෛද්‍ය)
වෛද්‍යවරයා
නා. වෙදකම් කරන්නා
වෛද්යාචාර්ය
නා. වෛද්‍ය ශාස්ත්‍රය උගත් තැනැත්තා
වෛද්යෝපදේශය
නා.ප්‍ර. වෛද්‍යවරයාගේ උපදේශය
වෛදික
වි. වේදයට අයත්; වේද ග්රන්ථ ලියූ කාලයට අයත් (සං. වෛදික)
වෛදූර්ය
නා.ප්‍ර. බළල් ඇස් වැනි මැණික් විශේෂයක්; වෛරෝඩිය (සං. වෛදූර්ය)
වෛධව්‍ය යෝගය
නා. වැන්දඹු බව ඇති කරන ග්‍රහයෝගය
වෛනේය
වි. හික්මවිය යුතු/ හික්මවිය හැකි (සං. වෛනෙය)
වෛපුල්‍ය
වි. මහත් ලෙස පැතුරුණු; විශාල (සං. වෛපුල්‍ය)
වෛයාකරණයා
නා. වියරණ උගත් තැනැත්තා (සං. වෛය්‍යාකරණ)
වෛරය
නා. යමකු කෙරෙහි දක්වන දැඩි විරුද්ධතාව; ක්‍රෝධය (සං. වෛර)
වෛරෝඩි
නා.ප්‍ර. අගනා මැණික් විශේෂයක්; වෛදූර්ය
වෛවර්ණ
වි. විවිධ වර්ණයෙන් යුත් (සං. වෛවර්ණ)
වෛවස්වත
වි. සූර්යයාට අයත්; සූර්යයාගෙන් පැවත එන (සං. වෛවස්වත)
වෛවාරණ්‍ය
වි. නොයෙක් ආකාරයේ; විවිධ මෝස්තරයේ
වෛවාහික
වි. විවාහය පිළිබඳ; විවාහයට යෝග්‍ය (සං. වෛවාහික)
වෛශ්‍ය
නා.ප්‍ර. වෙළඳ කුලය (සං. වෛශ්‍ය)
වෛශ්‍රවණ
නා.ප්‍ර. සතරවරම් දෙවිවරුන්ගෙන් එක් දෙවි කෙනකුගේ නාමය/ යක්ෂයන්ගේ අධිපති දෙවියා (සං. වෛශ්‍රවණ)
වෛශාඛ
නා.ප්‍ර. වෙසක් මාසය (සං. වෛශාඛ)