අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 314
වෙළෙවි
වි. ඉක්මන්; ශීඝ්‍ර
වේණු
නා. බට නළාව; වස්දණ්ඩ (සං. වෙණු)
වේතනය
නා. වැටුප (පා. සං. වෙතන)
වේත්‍රධාරියා
නා. පාර්ලිමේන්තු නිලයක නාමය (සං. වෙත්රධර)
වේත්‍රය
නා. වේවැල/ රාජ්‍ය පාලනයෙහි සංකේතය; සෙන්කෝලය (සං. වෙත්ර)
වේදනා නාශත
නා.ප්‍ර. වේදනාව නැසීම සඳහා යොදා ගන්නා රසායනික සංයෝගය
වේදනාව
නා. විඳීම; දැනීම/ ශාරීරික හෝ මානසික හෝ පීඩාව (පා. සං. වෙදනා)
වේදය
නා. ප්‍රඥාව; දැනීම; ශාස්ත්‍රය/ හින්දූන්ගේ පැරණි ධර්ම සමූහය (සං. වෙද)
වේරම්බවාතය
නා. අහසෙහි යොදුනකින් එපිට ඇති වාතය (පා. වෙරම්බවාත, වෙරම්භවාත)
වේල
නා. දවසේ එක් එක් කෑම වාරය/ වේලාව; කාලය (පා. සං. වෙලා)
වේලක්කාර
නා.ප්‍ර. පුරාණ ලංකාවේ යුද්ධ හමුදාවේ සිටි කුලී හේවායා (දෙ. வேலைக்காரன்)
වේලපත්කඩය
නා. උපන් වේලාව, දිනය ආදිය සඳහන් ජ්‍යෝතිෂමය කරුණු අඩංගු ලියවිල්ල
වේලායුධ
නා.ප්‍ර. ආයුධ විශේෂයක්/ කතරගම දෙවි
වේලි
නා.ප්‍ර. වේල්ල
වේශ නිරූපණය
නා. පවතින ස්වරූපය වෙනස් කිරීම; වෙස් ගැන්වීම; නාට්‍ය ආදියෙහි අංග රචනය
වේශය
නා. විලාසය; පෙනුම; ආකාරය (පා. වෙස සං. වෙශ)
වේශ්‍යාව
නා. වෙසඟන; ගණිකාව; නගර ශෝභිනිය (සං. වෙශ්‍යා)
වේෂ්ටන
වි. වෙළන; ඔතන (සං. වෙෂ්ටන)
වේළනවා
ක්‍රි. වියළනවා; තෙත් ගතිය ඉවත් කරනවා
වේළු
නා.ප්‍ර. උණ ගස (පා. වෙළු)
වේළුවනාරාමය
නා. බුදුරජුන් වැඩසිටි විහාරයක නාමය (පා. වෙළුවනාරාම)
වෛකල්පික
වි. අමතර වශයෙන් ගත හැකි (සං. වෛකල්පික)
වෛකල්‍යය
නා. විකල බව; අඩු බව (සං. වෛකල්‍ය)
වෛකුණ්ඨ
නා.ප්‍ර. විෂ්ණු දෙවි/ ඉන්ද්රයා (සං. වෛකුණ්ඨ)