අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 313

වෙණු

නා.ප්‍ර. විෂ්ණු දෙවියන්/ නිල්වන් උණ ගස (පා. සං. වෙණු)

වෙඬරු

නා.ප්‍ර. බටර්

වෙන

1. වි. අනෙක්; වෙනස් 2. නා.ප්‍ර. කැලය; වනය (පා. සං. වන)

වෙරළ

නා. ජලාශයන්හි ඉවුර; මුහුද අසල ගොඩබිම් තීරය/ පාලන දිස්ත්‍රික්කයක කඩ ඉම

වෙරළු

1. නා.ප්‍ර. වෛදූර්ය මාණික්‍යය; වයිරෝඩිය (පා. වෙළුරිය සං. වෛදූර්ය) 2. පලතුරු ගස් වෙසෙසක්

වෙල

නා. කුඹුර

වෙවුලනවා

ක්‍රි. සෙලවෙනවා; කම්පිත වෙනවා

වෙසඟ

නා.ප්‍ර. වෙසක් මාසය

වෙසඟන

නා. ගණිකා ස්ත්‍රිය

වෙසමුණි

නා.ප්‍ර. කුවේරයා; වෛශ්‍රවණයා (පා. වෙස්සවණ)

වෙස්මුහුණ

නා. ස්වරූපය වෙනස් කර ගැනීමට පැලඳගන්නා මුහුණ

වෙස්වළාගන්නවා

ක්‍රි. වෙනත් ස්වරූපයක් ගන්නවා

වෙළනවා

ක්‍රි. ඔතනවා; දවටනවා (පා. වෙඨෙති)

වෙළඳ

නා.ප්‍ර. චතුර් වර්ණයන්ගෙන් එකක්/ වෙළෙන්දා (සං. වාණිජ)

වෙළඳාම

නා. භාණ්ඩ හා දේපළ විකිණීම (සං. වාණිජ්‍ය පා. වාණිජ්ජ)

වෙළප

නා. ගසක අතු බෙදී ගිය තැන; විටප/ අත්ත; ශාඛාව (සං. විටප)

වෙළඹ

නා. අශ්වයාගේ ගැහැනු සතා (සං. වඩවා)

වෙළහෙළඳාම

නා. භාණ්ඩ විකිණීමේ හා මිලදී ගැනීමේ කටයුතු

වෙළාගන්නවා

ක්‍රි. දැවටෙනවා; වැලඳ ගන්නවා; පටලවා ගන්නවා

වෙළුම

නා. වෙළුම් පටිය; වෙළන ලද දෙය/ කාණ්ඩය; කලාපය/ වීණාවෙහි තත් බැඳීමට හා තද කිරීමට සවි කළ ඇණය (පා. වෙඨන)

වෙළුෑ

වි. වෙළන ලද

වෙළෙනවා

ක්‍රි. දැවටෙනවා; පටලවාගන්නවා (පා. ආවට්ටති)

වෙළෙන්දා

නා. බඩු විකිණීම් මිලදී ගැනීම් ආදිය කරන්නා

වෙළෙඳ ශේෂය

නා. ආනයන හා අපනයන අතර වෙනස