අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 312
වුණු
වි. ‘වෙනවා’ යන්නෙහි අතීත කෘදන්තය
වුවන
නා. මුහුණ
වෘකයා
නා. සුනඛ ගණයට අයත් මාංස භක්ෂක සිවුපාවෙක් (සං. වෘක)
වෘක්ක
නා.ප්‍ර. වකුගඩු (සං. වෘක්ක පා. වක්ක)
වෘක්ෂය
නා. මහගස; රුක (සං. වෘක්ෂ)
වෘක්ෂලතා
නා.ප්‍ර. ගස් වැල් ආදි ශාක විශේෂ (සං. වෘක්ෂලතා)
වෘත්තගන්ධී
නා.ප්‍ර. ශබ්ද රසයට මුල් තැන දෙන ගද්‍ය රචනා ක්‍රමයක් (සං. වෘත්තගන්ධී)
වෘත්තය
නා. චක්‍රය; වටය/ සංසාර ගමන; සසර පැවැත්ම/ පැදි විරිත (සං. වෘත්ත)
වෘත්තාකාර
වි. රවුම් හැඩය ඇති
වෘත්තාන්තය
නා. තොරතුරු කථාව; කථා ප්‍රවෘත්තිය
වෘත්තිකයා
නා. රැකියාවක යෙදුණු තැනැත්තා
වෘත්තිය
නා. ජීවන මාර්ගය; රැකියාව (සං. වෘත්ති)
වෘත්තීය
වි. රක්ෂාව හා සම්බන්ධ/ කවාකාර
වෘද්ධ
වි. වැඩිහිටි; මහලු/ පැරණි; චිරාගත (සං. වෘද්ධ)
වෘද්ධිය
නා. වැඩීම (සං. වෘද්ධි)
වෘන්තය
නා. ගෙඩි, කොළ, මල් ආදියෙහි නටුව (සං. වෘන්ත)
වෘන්දය
නා. සමූහය (සං. වෘන්ද)
වෘශ්චික
නා.ප්‍ර. ගෝනුස්සා (සං. වෘශ්චික)
වෘශ්චික රාශිය
නා. රාශි දොළහෙන් අටවන රාශිය
වෘෂණය
නා. ශුක්‍රාණු නිපදවන ජනක ග්‍රන්ථිය; පිරිමි ජනනේන්ද්‍රිය (සං. වෘෂණ)
වෘෂභ
නා.ප්‍ර. ගවයා/ රාශි චක්‍රයේ දෙවන රාශිය (සං. වෘෂභ)
වෘෂ්ටිය
නා. වැස්ස (සං. වෘෂ්ටි)
වෙණ
නා. වාද්‍ය භාණ්ඩ විශේෂයක්; වීණාව (පා. සං. වීණා)
වෙණිය
නා. පොල් කෙඳි, පිදුරු ආදියෙන් ඇඹරූ කඹය/ කොණ්ඩය