අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 311
විස්පෂ්ට
වි. පැහැදිලි; ප්‍රකට (සං. විස්පෂ්ට)
විස්මය
නා.ප්‍ර. පුදුමය (සං. විස්මය)
විස්මිත
වි. පුදුමයට පත් වූ (සං. විස්මිත)
විස්මෘත
වි. මතක නැති වූ (සං. විස්මෘත)
විසාරද
වි. විශාරද
විසුනු
වි. කැඩුණු; පොඩිවුණු
විසුරුවනවා
ක්‍රි. විසිර හරිනවා; වගුරුවනවා
විසුළ
වි. විසුරුණු/ ප්‍රසිද්ධ වූ
විසුළුව
නා. කවටකම; විකාරය; කෝලම (පා. විසූක)
විහග
නා.ප්‍ර. අහසේ යන්නා; පක්ෂියා/ සූර්යයා/ චන්ද්‍රයා (පා. සං. විහග, විහංග)
විහරණය
නා. වාසය; හැසිරීම (පා. විහරණ)
විහාරාධිපති
නා.ප්‍ර. විහාරස්ථානයක ප්‍රධාන භික්ෂුව (පා. විහාරාධිපති)
විහිතචතුරස්රය
නා. රේඛා මගින් කෝණ ඇඳීමට ගන්නා ඍජුකෝණික ත්‍රිකෝණාකාර පැතලි උපකරණයක්
විහිළු තහළු
නා.ප්‍ර. සරදම; කවටකම; උසුළු විසුළුව
විහීන
වි. අතිශයින් ම හීන වූ (පා. සං. විහීන)
විළි
නා.ප්‍ර. ලජ්ජාව (සං. ව්‍රීඩා)
විළිලැජ්ජාව
නා. දැඩි ලැජ්ජාව
විළිස්සනවා
ක්‍රි. දත් පෙනෙන සේ තොල් විවර කරනවා; විරිත්තනවා
විළුඹ
නා. පාදයෙහි පසු කොටස; යටි පතුලේ මුල් කෙළවර
වීණාව
නා. වෙණ; තත් සහිත වාදක භාණ්ඩ විශේෂයක් (සං. වීණා)
වීථිය
නා. ප්‍රධාන මාර්ගය; පාර (පා. වීථි)
වීමංසනය
නා. පරීක්ෂාව; විමර්ශනය (පා. වීමංසන)
වීර්යය
නා. උත්සාහය; ප්රයත්නය (සං. වීර්ය)
වීරෝදාර
වි. උදාර වූ; නිර්භීත ගති ඇති