සමුද්‍රඝෝෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මුහුදේ ඝෝෂාව ; මුහුදේ හඬ.
2. පැදි විරිත ; මුහුදු රළ හඬ අනුව උස් පහත් ස්වරයෙන් ගයනු ලබන මාත්‍රා දහ අටකින් ද, මාත්‍රා දහයෙන් හා අටෙන් යතිය ද සහිත සිවුපද විරිත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. කාව්‍ය විරිතක නාමය/ මුහුදෙහි ඝෝෂාව (සං. සමුද්‍රඝොෂ)