අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 346

සමුද්භවය

නා. ඇතිවීම (සං. සමුද්භව)

සමුද්භූත

වි. හටගත් (සං. සමුද්භූත)

සමුද්භේදය

නා. පැළීම; බිඳීම; පිපිරීම (සං. සමුද්භෙද)

සමුද්‍ර ඛාදනය

නා. වෙරළ සෝදාපාලුව

සමුද්‍ර සන්ධිය

නා. විශාල සාගර ප්‍රදේශ දෙකක් අතර ඇති පටු මුහුදු තීරය; ගොඩබිම් දෙකක් වෙන් කරන පටු මුහුදු තීරුව

සමුද්‍රඝෝෂ

නා.ප්‍ර. කාව්‍ය විරිතක නාමය/ මුහුදෙහි ඝෝෂාව (සං. සමුද්‍රඝොෂ)

සමුදාචරණය

නා. මනා පැවැත්ම/ නිතර හැසිරීම (පා. සමුදාචරණ)

සමුදාචාරය

නා. මනා හැසිරීම (පා. සං. සමුදාචාර)

සමුදාය

නා.ප්‍ර. රාශිය; සමූහය (පා. සං. සමුදාය)

සමුදිත

වි. සම්මත; පිළිගත්/ හටගත් (සං. සමුදිත)

සමුදුර

නා. මුහුද; සමුද්‍රය (සං. සමුද්‍ර)

සමුන්නත

වි. මනා ව උස් වූ (පා. සමුන්නත)

සමුපකාරය

නා. සාමූහික උපකාරය

සමුපචිත

වි. මනා සේ රැස් කළ; එකතු කළ

සමුපලක්ෂිත

වි. යුක්ත වූ

සමුපස්ථිත

වි. මනා කොට ළඟට පැමිණි

සමුපේත

වි. යුක්ත වූ (සං. සමුපෙත)

සමුල්ලසිත

වි. බැබළෙන; යුක්ත වූ

සමුළුව

නා. සම්මේලනය

සමූල

වි. මුල සහිත/ සම්පූර්ණ

සමූලඝාතනය

නා. සම්පූර්ණයෙන් වැනසීම

සමූලෝත්පාටනය

නා. මුලින් ම ඉදිරීම

සමූහනනය

නා. උදුරා දැමීම; නැසීම (පා. සමූහනන)

සමූහාණ්ඩුව

නා. ජනරජය