අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 345
සමාසෝක්තිය
නා. ව්‍යංගයෙන් හැඟෙන සේ අනෙකක් ගැන කතා කිරීම
සමාහරණය
නා. එකතුව (සං. සමාහරණ)
සමිද්ධ
වි. සමෘද්ධ වූ; සශ්‍රීක (පා. සමිද්ධ)
සමීකරණය
නා. සම කිරීම (සං. සමීකරණ)
සමීක්ෂකයා
නා. විමසිල්ලෙන් පරීක්ෂා කරන්නා (සං. සමීක්ෂක)
සමීක්ෂණය
නා. පරීක්ෂා කිරීම (සං. සමීක්ෂණ)
සමීපස්ථ
වි. ළං ව සිටින (සං. සමීපස්ථ)
සමුච්චය
නා.ප්‍ර. සමූහය; සම්බන්ධ කිරීම (පා. සං. සමුච්චය)
සමුච්චයාර්ථය
නා. එක් කිරීමේ අර්ථය; කැටි කිරීම
සමුච්චිත
වි. සමුච්චය කරන ලද (සං. සමුච්චිත)
සමුච්ඡින්න
වි. සහමුලින් නැසූ; සිඳින ලද (පා. සමුච්ඡින්න)
සමුච්ඡේදය
නා. සහමුලින් සිඳීම (පා. සමුච්ඡෙද)
සමුජ්ජලිත
වි. මනා ව බබළන; දිලිසෙන (පා. සමුජ්ජලිත)
සමුට්ඨානය
නා. ප්රභවය (පා. සමුට්ඨාන)
සමුණ
නා. ස්වාමියා/ ශ්‍රමණයා
සමුත්පාටනය
නා. මුලින් උපුටා දැමීම
සමුදය
නා.ප්‍ර. ඉපදීම/ සමූහය (පා. සමුදය)
සමුදයාර්ථය
නා. සමස්ත අර්ථය
සමුද්ඝාටනය
නා. උගුළා දැමීම
සමුද්ඝාතය
නා. සහමුලින් නැති කිරීම (සං. සමුද්ඝාත, සමුද්ඝාතන)
සමුද්දිෂ්ට
වි. විස්තර කළ; මනා ව පෙන්නුම් කළ (සං. සමුද්දිෂ්ට)
සමුද්දේශ
වි. තේරුම් කළ; විස්තර කළ (සං. සමුද්දෙශ)
සමුද්ධරණය
නා. ඉදිරීම; උඩට එසවීම (සං. සමුද්ධරණ)
සමුද්ධෘත
වි. ගන්නා ලද (සං. සමුද්ධෘත)