අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය – 344
සමාධානය
නා. මනා ව පිහිටුවීම; සිතේ එකඟතාව/ සමාදන්වීම (පා. සං. සමාධාන)
සමාධි බුදු පිළිමය
නා. සමාධිගත ස්වරූපයෙන් නිරූපිත බුද්ධ ප්‍රතිමාව
සමාධිය
නා. සිතෙහි එකඟකම (පා. සං. සමාධි)
සමාන
වි. ඒකාකාර වූ; එක පමණ ඇති (පා. සං. සමාන)
සමාන්තර
වි. සමාන පරතරය ඇති
සමාන්තරණය
නා. දුරේක්ෂයක බැලීමේ දිසාව සීරුමාරු කිරීම
සමාන්තරශ්රේණි
නා.ප්‍ර. පොදු අන්තරයක් අනුව වැඩි වන හෝ අඩු වන හෝ සංඛ්‍යා ශ්‍රේණිය
සමාන්තරාස්‍රය
නා. සමාන්තර වූ ද සමාන වූ ද ප්‍රතිවිරුද්ධ වූ පාදවලින් යුක්ත, පාද සතරක් ඇති තල රූපය
සමානීත
වි. මනා ව ගෙන එන ලද (සං. සමානීත)
සමානුපාත
නා.ප්‍ර. අනුපාතවල සමානත්වය
සමාපත්ති
නා.ප්‍ර. ධ්‍යාන ආදියෙන් සිත එකඟ කොට විසීම (පා. සමාපත්ති)
සමාප්ත
වි. අවසන් කළ; පරිපූර්ණ (සං. සමාප්ත)
සමායතනය
නා. විශේෂ අරමුණක් හෝ කාර්යයක් හෝ වෙනුවෙන් එක් වූ පිරිස/ මණ්ඩලය; සංස්ථාව
සමායෝජනය
නා. එකකට එකක් ගැළපෙන පරිදි මනා ව සැකසීම; ගැළපීම; එකලස් කිරීම
සමාරම්භය
නා. ආරම්භය; පටන් ගැන්ම (සං. සමාරම්භ)
සමාරාධනය
නා. යහපත් ආරාධනය; සතුටින් කරන ඇරැයුම (සං. සමාරාධන)
සමාරූඪ
වි. උඩට නැඟණු (සං. සමාරූඪ)
සමාරෝපණය
නා. නැගීම (සං. සමාරෝපණ)
සමාලෝචනය
නා. නැවත සලකා බැලීම (සං. සමාලෝචන)
සමාවිෂ්ටය
නා. අඩංගු ප්‍රමාණය (සං. සමාවිෂ්ට)
සමාවෘත
වි. මනා ව ආවරණය වුණු (සං. සමාවෘත)
සමාශංසනය
නා. සුබ පැතුම; ආශිර්වාදය
සමාශ්රය
නා.ප්‍ර. යහපත් ඇසුර (සං. සමාශ්රය)
සමාසය
නා. කෙටි කිරීම (පා. සං. සමාස)